
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ICC ය විසින් පැනවූ තහනමින් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට තවත් විශාල පහරක් එල්ලවී ඇත.
එනම්, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ICC ශූරයන්ගේ කුසලාන-2025 (ICC Champions Trophy) තරගාවලියෙන් ඉවත්වීමට සිදුව තිබේ.
ඊට හේතුවී ඇත්තේ, මේ වන විට ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ ලකුණු සටහනේ තවදුරටත් පහලට යෑමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවීමයි.
ඕස්ට්‍රේලියාවට එරෙහි තරගයේදී බංග්ලාදේශය ඕවර 50 අවසානයේ ලකුණු 306/8ක් ලබා ගැනීමෙන් පසුව, දළ ළකුණු වේගය අනුව ශ්‍රී ලංකාව ලකුණු සටහනේ තවදුරටත් පහළට ඇදවැටී ඇත.
2023 ICC ක්‍රිකට් ලෝක කුසලානයේ හොඳම ශ්‍රේණිගත කණ්ඩායම් හත සහ සත්කාරක පාකිස්ථානය ICC ශූරයන්ගේ කුසලාන-2025 තරගාවලියට සුදුසුකම් ලැබීමට නියමිතව තිබිණි.
කෙසේවෙතත් පාකිස්ථානයද මේ වන විට පසුවන්නේ ලකුණු සටහනේ පහළිනි.
ශ්‍රී ලංකාව ICC ක්‍රිකට් ලෝක කුසලාන 2023 තරග අවසන් කළේ, තමන් මුහුණ දුන් තරග නවයෙන් ජයග්‍රහණ දෙකක් පමණක් සමඟින් සහ දුර්වල ශුද්ධ ලකුණු අනුපාතයක් සහිතවය.
එයින් අදහස් වන්නේ ඔවුන් දැන් නිල ‘ICC ශූරයන්ගේ කුසලාන-2025’ තරගාවලියෙන් ඉවත් වී ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart