
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිලිබඳ කොමිෂන් සභාවෙන් තොරතුරු ඉල්ලා කළ නියෝගයක් කඩකළා යැයි චෝදනා ලැබ සිටි කැලණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය නිලන්ති ඩී. සිල්වා සහ එම විශ්ව විද්‍යාලයේ ලේඛනාධිකාරී කේ.කේ. ධර්මතිලක එම චෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඊයේ (09) නියෝග කර ඇත.
2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතේ 11 (2) වගන්ති ප්‍රකාරව අධ්යක්ෂ ජනරාල්වරයාගේ නිල මුද්‍රාව සහිතව නිසි පරිදි මෙම නඩුව පවරා නොතිබීම හේතුවෙන් නඩුව තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බවට තීරණය කළ මහේස්ත්‍රාත්වරයා විත්තිකරුවන් එම නඩුවෙන් නිදහස් කිරීමට නියෝග කර තිබේ.
කෙසේ වෙතත්, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතේ සඳහන් පරිදි නිල නාමය යටත් යළි නඩු පැවරීමට බාධාවක් නොවන බවද මහේස්ත්‍රාත්වරයා එම කොමිසමට දැනුම් දී ඇත.
මෙම සිද්ධියට අදාළව තොරතුරු දැනගැනීමේ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ, කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රශාන්ති නාරංගොඩ විසිනි.
වර්ෂ 2018 දී කැලණිය විශ්වවිද්‍යාලයේ ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිලිකාරියට අදාළව පැවැති මූලික පරීක්ෂණයකට අදාළ වාර්තාවක් ලබානොදීම හේතුවෙන් මෙම කොමිසම විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නගා තිබුණේ එම පනතේ 39වන වගන්තිය ප්‍රකාරව තොරතුරු ලබානොදුන් බව සදහන් කරමිනි.
තොරතුරු දැනගැනීමේ පනතින් එම කොමිසම විසින් අධිකරණයක් හමුවේ පවරන ලද මුල්ම නඩුව මෙය බවටද අධිකරණයේදී කරුණු ඉදිරිපත් විය.
මෙම නඩුව විත්තිකරුවන්ට එරෙහිව එම කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අධිකරණය හමුවේ පවරනු ලැබ තිබිණි.
විත්තිකාර පාර්ශවය වෙනුවෙන් අධිපරණයේ කරුණු ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මූලික විරෝධතා ගොනුකරමින් සඳහන් කර සිටියේ, තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතේ විධිවිධානයන්ට අනුව නඩු පැවරීමේ අයිතිය ඇත්තේ එම කොමිසමට මිස අධ්යක්ෂ ජනරාල්වරයාට නොවන බවය.
එහෙත් මෙම නඩුව ගොනුකර ඇත්තේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයා බැවිත් නඩුව ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බව ද ජනාධිපති නීතිඥවරයා සිය විරෝධතා ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත.
මෙම පනත මඟින් නඩු පැවරීමට බලය ඇත්තේ ආයතනවලට මිස පුද්ගලයන්ට නොවන බවත්, මූලික නීති ගැන සොයාබැලීමකින් තොරව මෙන්ම, පෞද්ගලික කාරණාවක් මතම මෙම නඩුව ගොනුකර ඇති බවත්, ජනාධිපති නීතිඥවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.
මෙය මූලික විරෝධතා සැළකිල්ලට ගත් අධිකරණය මෙය නඩුව සම්බන්යෙන් නියෝගය ප්‍රකාශ කරමින් සදහන් කර සිටියේ, තොරතුරු දැනගැනීමේ පනත ප්‍රකාරව මෙවැනි නඩුවක් ගොනුකිරීමට හැකියාවක් ඇත්තේ එම කොමිසමේ නිල නාමය සහ නිල මුද්‍රාව යටතේ පමණක් බවය.
මෙම කොමිසම නඩුව පවරා ඇත්තේ, අධ්යක්ෂවරුන් පස්දෙනකුගේ අත්සනින් යුක්තව වුවද කොමිසමේ නිල මුද්‍රාව සහිතව එහි තහවුරු කර නොමැති බව ද මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය ප්‍රකාශ කරමින් සඳහන් කර ඇත.
ඒ අනුව මෙම නඩුව පවත්වාගෙන යා නොහැකි බවට තීරණය කළ අධිකරණය විත්තිකරුවන් නිදහස් කිරීමට නියෝග කර තිබේ.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart