
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඇන්ජලෝ මැතිව්ස්ගේ ආන්දෝලනාත්මක දැවීයෑමේදී( TIMED OUT ), විනිසුරුවරුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් අනතර්ජාතික ක්රිකට් කවුන්සිලයට පැමිණිල්ලක් ගොනුකරන ලෙස ශ්රී ලංකා හිටපු ක්රිකට් ක්රීඩකයන් කිහිපදනකු ශ්රී ලංකා ක්රිකට් නිලධාරීන්ගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.
තරගය අතරතුර විකාශය කෙරුණු දර්ශනවලට අනුව ඇන්ජලෝ මැතිව්ස්ගේ හිස්වැසුමේ රැඳවුම් පටිය කැඩීමට පෙර ඔහු නියමිත වේලාවට ක්රීඩා පිටියට පැමිණ ඇති බව දැන් තහවුරු වී තිබේ.
සිද්ධියෙන් පසුව, තරගයේ සිවුවැනි විනිසුරු ඇඩ්රියන් හෝල්ඩ්ස්ටොක් ප්රකාශ කළේ, ඇන්ජලෝ මැතිව්ස්ගේ හිස්වැස්ම කැඩී යෑමටත් පෙර නියමිත මිනිත්තු 02ක කාල සීමාව තුළ ඔහු සිය සීමාවට නොපැමිණි බවයි.
මෙම සිද්ධියේදී විනිසුරුවරුන් සැළකිවයුතු වරදක් සිදුකර ඇති බව දැන් ඔප්පු වී ඇති බැවින්, මේ සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස හිටපු ක්රිකට් ක්රීඩකයන් කිහිපදෙනකු ශ්රී ලංකා ක්රිකට් ආයතනයෙන් ඉල්ලා ඇතැයි පැවැසේ.
ඇන්ජලෝ මැතිව්ස්ට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට බංග්ලාදේශ ක්රිකට් ක්රීඩකයාට බලපෑම් කළේ විනිසුරු මොරායස් ඉරැස්මස් දැයි විමර්ශනය කරන ලෙසද අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලයෙන් ඉල්ලා සිටින ලෙස ඔවුන් ශ්රී ලංකා ක්රිකට් ආයතනයෙන් ඉල්ලා තිබේ.
සිවුවැනි විනිසුරුගේ ප්රකාශයට පටහැනිව ඇන්ජලෝ මැතිව්ස් නියමිත වේලාවට සීමාවට පැමිණ සිටි බවට වන දර්ශන පෙන්වාදීමෙන් අනතුරුව අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්රකාශයක් කර නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart