
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්දින ලෝක කුසලානයක වාර්තා කළ වේගවත්ම ද්ව්ත්ව ශතකය ලබාගැනීමට ඕස්ට්‍රේලියාවේ සුපිරි පිතිකරු ග්ලෙන් මැක්ස්වෙල් ඊයේ සමත් වුයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයට රැගෙන යෑමේ පුරෝගාමියා වෙමිනි.
මීට පෙර බටහිර ඉන්දීය කොදෙව් හි ක්රිස්ග්රේල් සහ නවසීලන්තයේ මාර්ටින් ගප්ටිල් ලෝක කුසලාන තරග ඉතිහාසයේ ද්විත්ව ශතක වාර්තාකර තිබිණි.
ඇෆ්ගනිස්තානයට එරෙහි ඊයේ වන්කඩේ හිදි පැවති තරගයේදි ග්ලේන් මැක්ස්වෙල් පන්දු 128කදි ද්විත්ව ශතකය (201) නොදැවී වාර්තා කළේ අන්තර්ජාතික එක්දින පිටියේ දෙවන වේගවත්ම ද්විත්ව ශතකය සනිටුහන් කරමිනි.
මීට පෙර ඉන්දීයාවේ ඉෂන් කිෂන් පන්දු 126කදි බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව වේගවත්ම එක්දින ද්විත්ව ශතකය වාර්තා කළේය.
ඒ අනුව, එක්දින ද්විත්ව ශතකයක් වාර්තා කළ පළමු ඕස්ට්‍රේලියානු ජාතිකයා බවටද ග්ලෙන් මැක්ස්වෙල් පත්විය.
ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දුවාර 50 තුළදී කඩුලු 05ක් දැවී ලකුණු 291ක් රැස්කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ කඩුලු 07ක් 19 වන පන්දුවාරයේදි දැවීගියේ ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව 91ක්ව තිබියදීය.
එහිදී 06වැනි කඩුල්ලට පිටියට පැමිණ සිටි ග්ලෙන් මැක්ස්වෙල් නායක පැට් කමින්ස් සමග එක්ව ලකුණු 202 සබදතාවක් පවත්වමින් ඕස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 03කින් ජයග්‍රහණය කරා ගෙනගියේ කිසිවකු නොසිතු ආකාරයෙනි.
පන්දු 128කදි ලකුණු 201ක් ලබාගත් ග්ලෙන් මැක්ස්වෙල්ගේ ඉනිමට 06 පහර 10 ක් සහ 04 පහර 21ක් අන්තර්ගත විය.
පන්දුවට පහරදෙමින් සිටියදී පාදයේ අබාධයකට ලක්වුවද එය පසෙකලා කණ්ඩායම වෙනුවෙන් මැක්ස්වෙල් මෙම ද්විත්ව ශතකය වාර්තා කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart