
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආණ්ඩුවේ සිටින එක්තරා ප්‍රබල පුද්ගලයකු ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ දූෂිත නිලධාරීන්ට සහාය ලබාදීම නිසා ක්‍රිකට් ක්‍රීඩාව තවදුරටත් විනාශ වන බව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග පවසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටු සභාපතිවරයා ලෙස ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ විසින් අර්ජුන රණතුංග පත්කළ නමුත් අභියාචනාධිකරණයේ නියෝගයක් අනුව එම කමිටුවේ කටයුතු අද අත්හිටුවන ලදී.
ඉන් අනතුරුව ජනමාධ්‍යවේදීන් අමතමින් අර්ජුන රණතුංග හෙළිකළේ ක්‍රිකට් පිළිබඳ කිසිදු දැනුමක් නොමැති රජය තුළ සිටින එක් විශේෂිත පුද්ගලයකු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වටා ඇති මෑත සිදුවීම්වල තිරය පිටුපස සිටින බවයි.
මෙම පුද්ගලයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂිත නිලධාරීන්ට සහාය ලබාදීමේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන බව පැවසූ අර්ජුන රණතුංග, ඉදිරියේදී නිලවරණය ප්‍රකාශයට පත්කළ පසු එම පුද්ගලයාගේ නම හෙළිකරන බවද පැවැසීය.
තමන් අධිකරණයට ගරු කරන බව ප්‍රකාශ කළ අර්ජුන රණතුංග කියාසිටියේ, ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට තමාට වගකීමක් ඇති බැවින් ඊට මැදිහත් වීමට පමණක් එකඟ වූ බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart