
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඊයේ බංග්ලාදේශ තරග අතරතුර ‘ටයිම් අවුට්’ අවස්ථාවට මුහුණදී දැවීගිය ඇන්ජලෝ මැතිව්ස්, තමාට ලබාදුන් දැවීයෑමේ තීරණය අභියෝගයට ලක්කර ඇත.
X (ට්විටර්) පණිවිඩයක් නිකුත් කරමින් මැතිව්ස් පවසා ඇත්තේ, තරගයේ සිවුවැනි විනිසුරු ඇඩ්රියන් හෝල්ඩ්ස්ටොක් මතභේදාත්මක ‘ටයිම් අවුට්’ දැවීයෑම ලබාදීමේදී නිවැරදිව ක්‍රියාකර නොමැති බවයි.
“4 වැනි විනිසුරු මෙතන වැරදියි! වීඩියෝ සාක්ෂි පෙන්නුම් කරන්නේ හෙල්මට් එක දුන්නට පස්සෙත් මට තව තත්පර 5ක් තිබුණා කියලයි! කරුණාකර 4 වැනි විනිසුරුට මෙය නිවැරදි කළ හැකිද? මම කිව්වේ ආරක්ෂාව ප්‍රධානයි. මොකද මට හෙල්මට් එකක් නැතුව පන්දු යවන්නන්ට මුහුණ දෙන්න බැරි වුණා” යැයි මැතිව්ස් වැඩිදුරටත් සඳහන් කර ඇත.
එසේම තරගයෙන් අනතුරුව පැවැති ජනමාධ්‍ය හමුවටද එක්වෙමින් මැතිව්ස් සඳහන් කරන ලද්දේ, බංග්ලාදේශ කණ්ඩායම මෙහිදී කටයුතු කළ ආකාරය ගැන තමා කනගාටුවට පත්වන බවයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කිරීමට බලාපොරොත්තුවන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart