
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු අධීක්ෂණය කිරීම සඳහා පත්කළ අතුරු කමිටුව ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.
ක්‍රීඩාවේ දූෂණ විමර්ශනය කිරීම සහ ක්‍රිකට් ක්‍රීඩාවේ පැරණි කීර්තිය නැවත ඇති කිරීම යන මූලික අරමුණු වහාම ලඟා කරගත යුතු බව ඇමැතිවරයා මෙහිදී අවධාරණය කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඵලදායී පරිපාලනය සඳහා අනු කමිටු කිහිපයක් පිහිටුවීමට සැලසුම් කර ඇති බවද ඇමැතිවරයා එහිදී පවසා ඇත.
වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ පියවර ගනු ලැබුවේ ඊයේ පස්වරුවේ ය.
සාමාජිකයන් 07දෙනකුගෙන් සමන්විත මෙම අතුරු කමිටුවේ සභාපතිවරයා වන්නේ හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart