
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරග ඉතිහාසයේ තරගාවලියක වැඩිම ශතක ලබාගත් පිතිකරුවන් අතර තුන්වැනි තැනට පත්වීමට දකුණු අප්‍රිකාවෙි ක්වින්ටන් ඩි කොක් සමත් විය.
ඒ, නවසීලන්තය සමග ලෝක කුසලාන තරගාවලියේ අද පූනේ හි පැවැත්වෙන තරගයේදී ලබාගත් ශතකයත් සමගය.
ක්වින්ටන් ඩි කොක් පන්දු 116කදි ලකුණු 114 ක් ලබාගත් අතර, එය ඔහු මෙවර ලෝක කුසලාන තරගාවලියේ ඉනිම් 07කදී වාර්තා කළ 04 වැනි එක්දින ශතකය ලෙස වාර්තා වූයේ කුමාර් සංගක්කාර හා සමවෙමිනි.
මීට පෙර ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර 2015 වසරේ පැවැති එක්දින ලෝක කුසලාන තරගාවලියේ දී ශතක 04ක් රැස්කර ගෙන තිබිණි.
කෙසේවෙතත් ලෝක කුසලාන තරගාවලියක දී වැඩිම ශතක ලබා පෙරමුණේ පසුවන්නේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මායි.
ෂර්මා 2019 එක්දින ලෝක කුසලාන තරගාවලියේ දී ශතක 05 ක් රැස්කිරීමට සමත්ව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart