
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රිලා ගහණය පාලනය කිරීම සඳහා ගැහැණු රිලා සතුන්ට ලූපයක් දැමීම කෙරෙහි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය අංශයේ අවධානය යොමුව ඇත.
මේ වන විට රිලා ගැහැණු සතුන්ගේ ඩිම්බ කෝෂවල ප්‍රමාණයන් ඇතුළු ලිංගික ප්‍රදේශය පිළිබඳ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් අධීක්ෂණය කරමින් සිටින බව පශු වෛද්‍ය අංශයේ මහාචාර්ය අතුල දංගොල්ල සඳහන් කරයි.
රිලා ගහණය අවම කර ගැනීම සඳහා ගැහැණු සතුන්ට වඳ සැත්කම් කිරීමට විශාල මුදලක් වැය වන අතර, ඒ සඳහා සැළකිව යුතු කාලයක් ගත වන බවත්, රිලා ගැහැණු සතුන් අල්ලා උන්ට ලූපයක් පැළඳවීම පහසු හා වියදම් අඩු කටයුත්තක් බවත්, මහාචාර්යවරයා පවසා ඇත.
රිලවුන් සඳහා භාවිත කළයුතු ලූපය අලුතින්ම නිර්මාණය කළ යුත්තක් බැවින් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාගැනීමට හා නිෂ්පාදනය සඳහා දානපතියකුගේ හෝ පරිත්‍යාගශීලියකුගේ සහාය ලබාගැනීමට බලාපොරොත්තු වන බව ද හෙතෙම පවසයි.
රිලවුන්ගෙන් වගාවට සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා ගොවීහු වායු රයිෆල්වලින් වෙඩි තැබීම හේතුවෙන් මොළයට, ඇසට දරුණු තුවාල සිදුවූ රිලවුන්ගේ සංඛ්‍යාව ද ඉහළ යමින් පවතින බැවින් රිලා ගහණය පාලනය කර ගැනීමෙන් එම සතුන්ගේ ජීවිතවලට ද සිදුවන හානිය අවම කරගත හැකි බවද මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
රිලවුන්ගෙන් වගාවන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් රිලවුන් චීනයට යැවීමට කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර ව්‍යාපෘතියක් ආරම්භ කළ නමුත් පරිසර සංවිධානවල විරෝධය මධ්‍යයේ එම උත්සාහය අසාර්ථක විය.
(මුලාශ්‍රය – මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart