
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික සත්‍ය සහ යුක්තිය ව්‍යාපෘතිය (ITJP) ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේදී අතුරුදහන් වූ පුද්ගලයන් සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ශ්‍රී ලංකා රජයට නිර්දේශ ඉදිරිපත් කර ඇත.
අතුරුදහන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන් දශක තුනකට වැඩි කාලයක් තම ආදරණීයයන්ට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳ සත්‍යය දැනගැනීම සඳහා උද්ඝෝෂණ පවත්වා ඇති අතර, සත්‍යය තහවුරු කිරීම සහ සහතික කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට බැරෑරුම් ලෙස වගවීම ප්‍රදර්ශනය කිරීමට කාලය එළඹ ඇති බව ITJP අවධාරණය කරයි.
නිවේදනයක් නිකුත් කරමින් ITJP පවසන්නේ, ශ්‍රී ලංකාවේ, ප්‍රධාන වශයෙන් දකුණේ පවුල්, අතුරුදහන් වූ තම ආදරණීයයන් අනුස්මරණය කර යුක්තිය ඉල්ලා සිටින තිස් තුන්වන වසර ඊයේ (ඔක්තෝබර් 27) වන දිනට යෙදී තිබුණු බවයි.
ITJP වැඩිදුරටත් පවසන්නේ, මෙම ජනයාගේ දීර්ඝ හා දුක්ඛිත සත්‍ය සෙවීම, 2009 යුද්ධය අවසන් වූ දා සිට විරෝධතාවල නිරත වූ දහස් ගණන් දෙමළ ජනතාවට සිදුකෙරෙන අනතුරු ඇඟවීමක් බවයි.
“යුද්ධයෙන් අතුරුදහන්වූවන්ගේ දෙමළ දමාපියන් 188ක් සත්‍යය දැන ගැනීමට පෙර මිය ගොස් ඇති බව දැනටමත් වාර්තා වී ඇත. උතුර සහ නැගෙනහිර විරෝධතාවලට හෝ සැමරුම්වලට සහභාගි වන තරුණයන් දිගින් දිගටම බලහත්කාරයෙන් රැගෙන ගොස් ඔවුන් නිහඬ කිරීමට වධ හිංසා පමුණුවනු ලැබේ.” යැයි ITJP පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart