
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාකිස්ථානය නැවත ඉන්ධන අර්බුදයකට මුහුණදී ඇතැයි වාර්තා වේ.
සමහර තෙල් අලෙවිකරණ සමාගම්වල (OMCs) සිල්ලර වෙළඳසැල් රටේ ස්ථාන කිහිපයකම වසාදමා ඇතැයි පැවැසේ.
මේ අතර ඉන්ධන ගබඩා හිස්ව ඇති පිරවුම් හල්වලට එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරීමට තෙල් හා ගෑස් නියාමන අධිකාරිය තීරණය කිරීමත් සමග මෙම තත්වය වඩාත් අර්බුදකාරී වී තිබේ.
අධිකාරිය චෝදනා කරන්නේ, රජය අපහසුතාවට පත්කිරීම සඳහා ඇතැම් සමාගම් කටයුතු කරන බවත්, රට තුළ ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බවත්ය.
රට පුරා ඇති විය හැකි ඛනිජ තෙල් නිෂ්පාදන හිඟයක් වළක්වා ගැනීම සඳහා, අනිවාර්ය අවශ්‍යතාවයට වඩා අඩුවෙන් තොග පවත්වාගෙන යන ඕනෑම ඉන්ධන සමාගමකට එරෙහිව නියාමන ක්‍රියාමාර්ග ගත හැකි බව තෙල් හා ගෑස් නියාමන අධිකාරිය අදාළ සමාගම් වෙත යොමුකළ ලිපියකින් අවධාරණය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart