
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2023 ICC ලෝක කුසලානයට පෙර පැවති ගුවහාටි හිදී අද පැවැති පෙරහුරු තරගයකදී, ශ්‍රී ලංකාවට එරෙහිව ජයග්‍රහණය ලබාගැනීමට බංග්ලාදේශය සමත් විය.
ලකුණු 263ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 03ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.
මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිලට පන්දුවාර පන්දුවාර 49යි එක් පන්දුවක් තුළ සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 263ක් පමණී.
ශ්‍රී ලංකා පිල වෙනුවෙන් පැතුම් නිශ්ශංක පන්දු 64කදී ලකුණු 68ක් රැස්කර ගැනීමට සමත් විය.
ධංජනය ද සිල්වා පන්දු 79කදී ලකුණු 55ක් රැස්කර ගැනීමට සමත් විය.
කුසල් පෙරේරා ලකුණු 34ක් රැස්කර ගෙන සිටියද ආබාධායට ලක්විය.
පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් මහේදි හසන් කඩුළු 3ක් දවා ගැනීමට සමත් විය.
අනතුරුව පිටියට පැමිණි බංග්ලාදේශ පිල පන්දුවාර 42කදී කඩුළු 3ක් දැවී ලකුණු 264ක් රැස්කර ගෙන තරගය ජය ගැනීමට සමත් විය.
බංග්ලාදේශ පිල වෙනුවෙන් වීශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩාකළ ටැන්සිඩ් හසන් ලකුණු 84ක් රැස්කර ගත්තේය.
නායක මෙහෙදි හසන් මිරාස් නොදැවී රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 67කි.
ලිටන් දාස් ලකුණු 61ක් රැස්කර ගැනීමට සමත් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart