
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2023 ඔක්තෝම්බර් 10 වැනි දින ලයිබීරියාවේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය නිරීක්ෂණය කිරීම සහ අධීක්ෂණය කිරීම සඳහා ලයිබීරියාවේ රජය විසින් කෙන්යාවේ ශ්‍රී ලංකා තානාපති කනා කනනාදන්ට ආරාධනා කර ඇති බව ඔහුගේ කාර්යාලයේ නිවේදනයක දැක්වේ.
ශ්‍රී ලංකාවේ මැතිවරණ නිරීක්ෂකයකු ලෙස කනනාදන්ගේ නිපුණතාවය අපේක්ෂා කරන පස්වන අප්‍රිකානු රට වන්නේ ලයිබීරියාවයි.
මීට පෙර ඔහු කෙන්යාව, නයිජීරියාව, සියරා ලියොන් සහ සිම්බාබ්වේ යන රටවල මැතිවරණ නිරීක්ෂකයකු ලෙස කටයුතු කර ඇත.
කනනාදන්ට ආරාධනා කිරීමට ලයිබීරියානු රජය ගත් තීරණය, ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ තුළින් ජනතාවගේ හඬට සවන්දීම සහතික කිරීම සඳහා ඔහුගේ නොසැලෙන කැපවීම සහ ඔහුගේ කීර්තිය අවධාරනය කරන බවද ඔහුගේ කාර්යාලය පවසයි.
කනනාදන් අප්‍රිකානු සංගමය, බටහිර අප්‍රිකානු රාජ්‍යයන්ගේ ආර්ථික ප්‍රජාව (Ecowas), යුරෝපීය සංගමය, සහ නැගෙනහිර සහ දකුණු අප්‍රිකාව සඳහා පොදු වෙළෙඳපොළ (COMESA) යන කණ්ඩායම් සමඟ ලයිබීරියාවේ මැතිවරණ නිරීක්‍ෂණයට එක්වනු ඇත.
ලයිබීරියාවේ මිලියන 5.4 ක ජනගහනය අතර ලියාපදිංචි ඡන්දදායකයන් 2,471,617 ක් ලයිබීරියාවේ නව ජනාධිපතිවරයා, සෙනෙට් සභිකයින් පහළොස් දෙනකු (15) සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයින් හැත්තෑතුනක් (73) තෝරා ගනු ඇත.
(Daily Mirror)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart