
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඕස්ට්‍රේලියාවේදී ලිංගික අපයෝජන චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක එම චෝදනාවලට නිවැරැදිකරු බව සිඩ්නි අධිකරණයක් විසින් අද තීන්දු කිරීමෙන් පසු ජනමාධ්‍ය වෙත අදහස් දක්වා තිබේ.
ලිංගික අපයෝජන චෝදනා එල්ල වීමෙන් පසු පළමු වරට මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයා කියා සිටියේ “තීරණයෙන්(අධිකරණයේ) සියල්ල ප්‍රකාශ වී ඇත” යනුවෙනි.
“පසුගිය මාස එකොළහ මට අමාරුයි. මම මගේ කළමනාකරුට, මගේ නීතිඥවරුන්ට, විශේෂයෙන්ම මුරුගන් තංගරාජ්ට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මට උදව් කරපු ඕස්ට්‍රේලියාවේ ඉන්න හැමෝටම, මගේ දෙමාපියන්ට වගේම ලංකාවේ සමහර අයටත් මම ස්තුතිවන්ත වෙනවා. හැමෝම මාව විශ්වාස කළා, ඒක මට ගොඩක් වටිනවා, ”ඔහු පැවසීය.
එම තීන්දුවෙන් සියල්ල කියවෙන බව යළි යළිත් අවධාරණය කරමින් විනිසුරුවරයා කීවේ, කවුරුන් බොරු කීවේද යන්න අනාවරණය වී ඇති බව යැයිද ධනුෂ්ක සඳහන් කළේය.
“මගේ ජීවිතය නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත්වීම ගැන මම සතුටු වෙනවා. මට ආපසු ගොස් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වෙනවා ”ඔහු වැඩිදුරටත් පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart