
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාකිස්තානය සහ නවසීලන්තය අතර සැප්තැම්බර් 29 වැනිදා හයිද්‍රාබාද්හිදී පැවැත්වෙන එක්දින ලෝක කුසලාන පෙරහුරු තරගයට ප්‍රමාණවත් ආරක්ෂාවක් සම්පාදනය කිරීම පිළිබඳ ප්‍රාදේශීය පොලිසිය සහතිකයක් ලබා දීමට අපොහොසත් වීම හේතුවෙන් ප්‍රේක්ෂක සහභාගීත්වයෙන් තොරව තරගය පැවැත්වීමට තීරණය කර තිබේ.
හයිද්‍රාබාද් ක්‍රිකට් සංගමය මෙම තත්ත්වය සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය දැනුවත් කර ඇතැයි ESPNcricinfo වාර්තා කර තිබුණි.
ඉන්දියන් එක්ස්ප්‍රස් විසින් ප්‍රථම වරට වාර්තා කරන ලද මෙම ප්‍රවෘත්තිය තරඟය සඳහා ප්‍රවේශපත් මිලදී ගත් ක්‍රීඩා ලෝලීන්ට බලපානු ඇත.
ලෝක කුසලානය සඳහා ප්‍රවේශපත්‍ර හවුල්කරුවන් වන Bookmyshow විසින් මෙම තත්ත්වය පිළිබඳ ප්‍රේක්ෂකයන් දැනුවත් කර තිබේද යන්න තහවුරු කළ නොහැකි බව වෙබ් අඩවිය වාර්තා කරයි.
ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ සම්පූර්ණ ක්‍රියාවලිය භාරව සිටින ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මෙතෙක් ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කර නොමැත.
ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් උද්ගත වී ඇත්තේ තරඟය පැවැත්වෙන දිනයේම පැවැත්වෙන ප්‍රධාන ආගමික උත්සව දෙකක් සහ ඒ සඳහා විශාල පිරිසක් එක්රැස්වීමයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart