
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
                ලබන මාසයේ ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිත එක්දින ලෝක කුසලානය ජයග්රහණය කිරීමට එංගලන්තයට සහ ඉන්දියාවට වැඩි අවස්ථාවක් පවතින බව සුපිරි ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක කුමාර් සංගක්කාර ප්රකාශ කරයි.
සංගක්කාර මේ අදහස් පළ කළේ, එංගලන්තයේ ඔහු දැනට ස්කයි ස්පෝර්ට්ස් හි විස්තර විචාරකයකු ලෙස රාජකාරී කරන තරගයෙකින් පසු සාකච්ඡාවකට එක්වෙමිනි.
දැනට පැවැත්වෙන ආසියානු කුසලාන තරඟාවලියේ ශ්රී ලංකා කණ්ඩායමේ මෑතකාලීන දස්කම් පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ලෝක කුසලාන තරඟාවලියේදී ඔවුන්ට යම් අභියෝගයක් ලබාදිය හැකි බවයි.
“මම දැක්කා ශ්රී ලංකාව පසුගිය තරගයේදී ක්රීඩා කරන ආකාරය සහ ඔවුන් ආසියානු කුසලානය හරහා ක්රීඩා කළ ආකාරය. විශාල තරගාවලි වලදී ශ්රී ලංකාව ඉතා හොඳින් දස්කම් දක්වනවා. එබැවින් ඔවුන්ට ප්ලේ-ඕෆ් ස්ථානයක් සඳහා අභියෝග කළ හැකියි ”ඔහු පැවැසීය.
"I think England and India are going to be top favourites" ?
Kumar Sangakkara gives his World Cup prediction! pic.twitter.com/kRjW84NIT8
— Sky Sports Cricket (@SkyCricket) September 15, 2023
															
															
															
															
															Adding {{itemName}} to cart
Added {{itemName}} to cart