
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යෝජිත කම්කරු නිතී ප්‍රතිසංස්කරණය සඳහා යෝජනා ඉදිරිපත් කිරීමේ කාලය දීර්ඝ කරන බව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර පවසයි.
ඔහු වැඩිදුර සඳහන් කළේ , තවමත් වෘත්තීය සමිති නියෝජිතයින් ප්‍රතිචාරයන් නොදක්වන බැවින් යෝජනා ඉදිරිපත් කිරීම ඔක්තෝම්බර් පළමු සතිය දක්වා දිර්ඝ කිරීමට තීරණය කර ඇති බවයි.
මේ නිසාවෙන් මේ සඳහා අදහස් දැක්වීම් ප්‍රමාද නොකරන ලෙස වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටින බව ඇමැතිවරයා අවධාරණය කළේය.
තවද යෝජිත රැකියා පනතට අදාළ සංකල්ප පත්‍රිකාව සඳහා ඇමැති මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමත් කෙටුම්පත් සම්පාදක දෙපාර්තුමේන්තුව සමඟ එක්ව නිතී කෙටුම්පත් කිරීම ආරම්භ කිරීමට බලාපොරොත්තුවන බව ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
එමෙන්ම නව රැකියා නීතියට වතු කම්කරුවන්ගේ අයිතිවාසිකම් පිළිබඳව කැපවූ අංශයක් ඇතුළත් කෙරෙන අතර ඒ සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ජාතික කම්කරු උපදේශක සභාවට අනුබද්ධ වෘත්තීය සමිතිවලින් සමන්විත අනුකමිටුවක් ද නම් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart