
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය වසරේ ජූලි 9 වනදා ජනාධිපති මන්දිරයේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිල කාමරයේ තිබූ හමුවූ රුපියල් එක්කෝටි 78 ලක්ෂ පනස් දහසක මුදලට අදාළව විධිමත් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධිකරණය අල්ලස් කොමිසමට නියෝග කර තිබේ.
ඒ අදාළ නඩුව අද කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවේ විභාගයට ගත් අවස්ථාවේදීය.
සිදුකළ විමර්ශන අනුව දූෂන චෝදනාවක් හෝ වත්කම් චෝදනාවක් වාර්තා නොවන බව අල්ලස් කොමිසම දැනුම්දී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහිදී දන්වා ඇත.
එහිදී අධිකරණය දැනුම් දී ඇත්තේ වාක්‍ය කිහිපයක් පමණක් යොමු කර වාර්තාවක් ඉදිරිපත් නොකරන ලෙසයි.
මේ අතර වින්දිතයන් ආරක්ෂා කිරීමේ අධිකාරිය විසින් ද මීට අදාළ විමර්ශනයක් සිදුකරන බව එහි නීති නිලධාරිනිය අධිකරණයට දන්වා තිබේ.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙම මුදල ට හිමිකම් කියන බැවින් මුදල් විශුද්ධිකරණ පනත යටතේ විමර්ශන සිදුකළ හැකිද නැද්ද යන්න සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් කරුණු විමසා ඇති බව මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart