
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදී ඇත.
ඒ, මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්ට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව ය.
දුමින්ද නාගමුව විසින් මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයක් මුල්කරගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ටිරාන් අලස් ඇමතිවරයා කළ පැමිණිල්ලකට අනුව එම විමර්ශනය ආරම්භ කරනු ලැබීය.
මීට පෙර අවස්ථා ගණනාවකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දුමින්ද නාගමුවට කැඳවීම් කළද, ඔහු ඊට ප්‍රතිචාර දක්වා නොතිබුණු බව ඇමැතිවරයා ප්‍රකාශ කර තිබිණි.
කෙසේවෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙවර කළ කැඳවීමකට අනුව දුමින්ද නාගමුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ගොස් ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් එහිදී ඔහුගෙන් ප්‍රකාශයක්ද සටහන් කරගෙන තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart