
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විරාත් කෝලි වේගවත්ම එක්දින ලකුණු 13,000 සම්පූර්ණ කරමින් 46වන ශතකයත්, කේ.එල් රාහුල්ගේ ශතකය මෙන්ම කුල්දීප් යාදෙව්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ පාකිස්ථානයට එරෙහිව ලකුණු 228ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ රාත්‍රීයේ සමත් විය.
මෙම ජයග්‍රහණය එක්දින ක්‍රිකට් පිටියේ ඉන්දියාව පාකිස්ථානට එරෙහිව ලබාගත් විශාලතම ලකුණු පරතර ජය වෙි.
විරාත් කෝලි වේගවත්ම එක්දින ලකුණු 13,000 සම්පූර්ණ කළේ ඉන්දිය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් තබා තිබූ වාර්තාව බිඳදමමින් වන අතර, සචින් ඒ සදහා ඉනිම් 321ක් වැයකර තිබූ නමුත් විරාත් කෝලි ඉනිම් 267 කින් එම එක්දින ලකුණු ප්‍රමාණය පසු කර ගියේය.
ඊයේ කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේදි පාකිස්ථානයට එරෙහිව කෝලි සහ රාහුල් දෙදෙනා තුන්වැනි කඩුල්ලට ලකුණු 223 ක සම්බන්ධතාවක් ගොඩනැගීය.
අබාධයකින් පසු ඉන්දිය කණ්ඩායමට එක්වු රාහුල් ද ශතකයක් වාර්තා කළ අතර, නායක රෝහිත් ෂර්මා සහ සුබ්මන් ගිල් අර්ධ ශතක ලබාගත්හ.
ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 02 ක් දැවි ලකුණු 356 ක් ලබාගත්හ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථානයට පන්දුවාර 32ක් අවසානයේ කඩුලු 08ක් දැවි ලබාගත හැකිවුයේ ලකුණු 128කි.
අබාධයකට ලක්වීම හේතුයෙන් නසීම් ෂා සහ හැරිස් රවුෆ් ඊයේ පිතිකරණයේ යෙදුණේ නැත.
මෙහිදි කුල්දීප් යාදව් සුපිරි පන්දු යැවිමක නිතර වෙමින් කඩුලු 5ක් බිද හෙළූ අතර හර්ඩික් පාන්ඩ්යා බාබර් අසාම්ගේ කඩුල්ල දවාගැනිම කැපී පෙනිණි.
ඉන්දීය කණ්ඩායම අද ශ්‍රී ලංකාව සමග සුපිරි 4 වටයේ තරග වැදීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart