
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අන්තර්ජාතික සහාය ඇතිව, විපතට පත්වූවන් සහ ඔවුන්ගේ නියෝජිතයන්ගේ පූර්ණ සහභාගීත්වයෙන්, පසු විපරම් ස්වාධීන සහ විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් ශ්‍රී ලංකා රජය විසින් ආරම්භ කළ යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය අද (11) අවධාරණය කළාය.
මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහ කොමසාරිස් නාඩා අල්-නෂිෆ්, ජිනීවා හි ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව ඉදිරිපත් කරමින් කියා සිටියේ, ශ්‍රී ලංකා රජය අන්තර්ජාතික මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූලව පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය ඇතුළු මානව අයිතීන් උල්ලංඝනය කිරීම්වලට අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන සහ නඩු පැවරීම් කඩිනම් කළයුතු බවයි.
“සත්‍යය සෙවීම පමණක් ප්‍රමාණවත් නොවන අතර, වගවීම සඳහා පැහැදිලි කැපවීමක් තිබිය යුතුය,” ඇය එහිදී වැඩිදුරටත් පැවසුවාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart