
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තැපැල් දෙපාර්තමේන්තු වෙබ් අඩවියට සමාන වෙබ් අඩවියකින් සිදුකරන මහා පරිමාණ වංචාවක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ.
ඒ අනුව ඊට සමාන වංචනික වෙබ් අඩවියක් නිර්මාණය කර ක්රෙඩ්ට් කාඩ්පත් සහ ඩෙබිට් කාඩ්පත් තොරතුරු ලබා ගෙන මෙම වංචාව සිදුකර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පැවසීය.
ඊට අදාළ පැමිණිලි මේ වන විටත් ලැබෙමින් පවතී.
මහජනතාව නොමඟ යවන අයුරින් මෙම වංචනික වෙබ් අඩවි නිර්මාණය කර දේශීය දුරකථන අංක වලින් ඉදිරිපත් කරන කෙටි පණිවුඩ යොදාගෙන මෙම වංචාව සිදුකර තිබේ.
තැපැල් දෙපාර්තමේන්තුව පවසන්නේ කිසිදු මාර්ගගත ගනුදෙනුවක් සඳහා සිය වෙබ් අඩවියේ පහසුකම් සලසා නොමැති බවය.
එමනිසා මෙවැනි වංචනික ක්රියා පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස තැපැල් දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී ඇත.
එවැනි වංචා පිළිබඳ තොරතුරු ඇත්නම් වහාම දෙපාර්තමේන්තුව දැනුවත් කරන ලෙසද ඔවුන් ඉල්ලා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart