
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආජන්ටිනාව ලකුණු 27-10ක් ලෙස පරාජය කිරීමට මුළු තරගයම පාහේ ක්‍රීඩකයින් 14 දෙනෙකු සමඟ ක්‍රීඩා කළ එංගලන්තය සමත් විය.
එහිදී ෆ්ලයි-හාෆ් ක්‍රීඩක ජෝර්ජ් ෆෝඩ්, ඔහුගේ කණ්ඩායමේ සියලු ලකුණු තමන්ගේ පාදයේ ආධාරයෙන් රැස් කිරීම විශේෂත්වයකි.
D කාණ්ඩයේ තරඟයේ තුන්වන මිනිත්තුවේදී ආර්ජන්ටිනාවේ ෆුල්-බැක් ක්‍රීඩක ජුවාන් කෲස් මල්ලියා සමඟ ඇති වූ ගැටුමකින් පසුව, එංගලන්ත ෆ්ලැන්කර් ටොම් කරිට කහ කාඩ්පතක් ලැබුණු අතර, සමාලෝචනයකින් පසුව එය රතු පැහැ ගැන්වීය.
ලෝක කුසලාන තරගයකදී රතු කාඩ් පතක් ලැබුණු පළමු එංගලන්ත ක්‍රීඩකයා ටොම් කරි වේ.
කෙසේ වෙතත්, ෆෝඩ් දඬුවම් පහර හයක් සහ ඩ්‍රොප් ගෝල තුනක් එල්ල කරමින් 2023 රග්බි ලෝක කුසලානයේ දී ජය මාවත විවර කර ගත්තේය.
Rodrigo Bruni, 73 වැනි මිනිත්තුවේ දී තරගයේ වාර්තා වූ එකම උත්සාහක දිනුම ලබා ගත්ත ද එය අසරණ ආර්ජන්ටිනාවට ප්‍රමාණවත් නොවීය.
පහත දිගුව හරහා තරගයේ විශේෂ අවස්ථා නැරඹිය හැකිවේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart