
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව සිත් තැවුලට පත්වූ පුද්ගලයකු පොතුපිටිය පොලිස් ස්ථානය තුළදී හැට්ට කටු ගිලීමෙන් ප්රතිකාර සඳහා රත්නපුර මහ රෝහලට ඇතුළත් කර තිබෙන බව පොලීසිය පවසයි.
පහළොස් හැවිරිදි දැරියකට ලිංගික අතවර කළ බවට එම දැරියගේ මව විසින් සිදු කළ පැමිණිල්ලක් මත පොලිසිය විසින් කැඳවා තිබූ රෝහල්ගත කළ පුද්ගලයා, එම විමර්ශනයෙන් අනතුරුව සිත්තැවුලට පත්වී මෙලෙස හැට්ටකටු ගිලදමා ඇති බව පොලිසිය අනාවරණය කරයි.
රෝහල් ගතකළ පුද්ගලයා පැමිණිල්ල සිදුකළ කාන්තාවගේ අනියම් පුරුෂයා බවටද කරුණු හෙළිවී ඇති බව පොලිසිය වැඩිදුරටත් අනාවරණය කරයි.
මෙම සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන පොතුපිටිය පොලිසිය විසින් සිදුකරන බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart