
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙවර අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව සිසුන් 27,158 දෙනකු විෂයන් තුනම අසමත් වී ඇති බව විභාග දෙපාර්තමේන්තුව අනාවරණය කරයි. එය ප්‍රතිශයක් ලෙස සියයට 10.29කි.
මෙවර විභාගයේදී සිසුන් 9904 දෙනකු විෂයන් තුනටම A සාමර්ථ්‍ය ලබාගෙන තිබේ. එසේම විභාගයට පෙනී සිටි සිසුන් 263,933 දෙනකු අතුරින් සිසුන් සියයට 63ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇත.
ජීව විද්‍යා අංශයෙන් සිසුන් 817ක්, ගණිත අංශයෙන් සිසුන් 1088ක්, වාණිජ අංශයෙන් සිසුන් 4198ක් සහ කලා අංශයෙන් සිසුන් 3622ක් විෂයන් තුනටම A සාමර්ථ්‍ය හිමි කරගෙන තිබේ.
එමෙන්ම ඉංජිනේරු තාක්ෂණවේදය අංශයෙන් සිසුන් 90 දෙනකු, ජෛව පද්ධති තාක්ෂණවේදය අංශයෙන් සිසුන් 73 දෙනකු සහ විවිධ විෂය ධාරාවන්ගෙන් සිසුන් 36 දෙනකු වශයෙන් විෂයන් තුනටම A සාමර්ථ්‍ය හිමි කරගෙන ඇත.
ගිය වසරේදී (2021) විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සියයට 62.9ක් සුදුසුකම් ලද අතර මෙවර එම ප්‍රතිඵලය සියයට 0.4කින් ඉහළ ගොස් තිබේ.
විෂය ධාරා 6ක් යටතේ සිසුන් විභාගයට ඉදිරිපත් වී ඇති අතර ජීව විද්‍යා විෂයෙන් විභාගයට පෙනී සිටි 40,329ක් අතුරින් 23,173 දෙනකු විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබා ඇත.
භෞතික විද්‍යා (ගණිත) විෂයයෙන් සිසුන් 35,197 දෙනකු විභාගයට පෙනී සිට ඇති අතර ඉන් 20,138ක් විශ්වවිද්‍යාලයට සුදුසුකම් හිමි කරගෙන ඇත.
වාණිජ්‍යය අංශයෙන් විභාගයට පෙනී සිටි සිසුන් අතුරින් 40,140ක් විශ්වවිද්‍යාල සුදුසුකම් හිමි කරගෙන ඇති අතර කලා විෂය යටතේ සිසුන් 64,333ක් විශ්වවිද්‍යාල ප්‍රවේශ සුදුසුකම් හිමි කරගෙන ඇත. ඉංජිනේරු තාක්ෂණවේදයෙන් සිසුන් 10,633 දෙනකු සහ ජෛව පද්ධති තාක්ෂණවේදයෙන් සිසුන් 5981 දෙනකු විශ්වවිද්‍යාල සුදුසුකම් හිමි කරගෙන ඇත. (දිණමින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart