
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීනයේ සයිනොපෙක් සමාගම මෙරට සිය පළමු ඉන්ධන පිරවුම්හල කොට්ටාව මත්තේගොඩ දී ඊයේ (30) ආරම්භ කර ඇත.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ දේශීය කළමනාකරුවෙක් විසින් පවත්වාගෙන ගිය මෙම ඉන්ධන පිරවුම්හල ඊයේ සිට සයිනොපෙක් සමාගමේ කළමනාකාරීත්වයට පවරා ඇතැයි වාර්තා වේ.
ඒ අනුව සංස්ථාවට අයත් නිල ලාංඡන ඉවත්කර ඒ වෙනුවට චීන සමාගමේ ලාංඡනය මෙම පිරවුම් හලේ ඉන්ධන පොම්පවල ඇලවීමට කටයුතු කර ඇත.
එමෙන්ම සයිනොපෙක් සමාගම සිය කළමනාකාරීත්වය යටතේ ඉදිරියේදී ඉන්ධන පිරවුම්හල් 150ක පමණ ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදු කිරීමට නියමිතව ඇත.
මේ අතර, මෙම සමාගම විසින් නව ඉන්ධන පිරවුම්හල් 50ක් ද ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart