
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දේශපාලන නායකයකු ලෙස තම අභාවප්‍රාප්ත පියාණන් වූ ඩී.ඒ. රාජපක්ෂට ලබා දිය හැකි වූ ඉහළම ත්‍යාගය වන්නේ ත්‍රස්තවාදය පරාජය කර රට නිදහස් කර ගැනීම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
සිය පියාණන්ගේ 59 වැනි ගුණ සමරුව නිමිත්තෙන් දීර්ඝ නිවේදනයක් නිකුත් කරමින් මහින්ද රාජපක්ෂ, සිය පවුලේ තොරතුරු, පියාගේ වියෝව සහ පියාගේ දේශපාලන උරුමය පිළිබඳව සිහිපත් කර තිබේ.
“රුහුණේ ජනතාවගේ ආදරය දිනාගත් ඩී.ඒ. රාජපක්ෂයන්ගේ පුත්‍රයා වීම මහින්ද රාජපක්ෂට ආඩම්බරයක්. ජනතා ආදරය රාජපක්ෂ උරුමයක් බව ද මම ආඩම්බරයෙන් ප්‍රකාශ කරමි,” යනුවෙන් ඔහු එහි සඳහන් කර ඇත.
පියාණන් අභාවප්‍රාප්ත වී වසර 59ක් ගත වී ඇතත්, පිය වියෝවෙන් ඇති වූ වේදනාව අදටත් නොවෙනස්ව පවතින බව ඔහු පැවසුවේය.
පියාගේ අභාවයෙන් පසු පවුල රැකබලා ගැනීම වෙනුවෙන් සිය මෑණියන්ට සහ වැඩිමහල් සොහොයුරු චමල් රාජපක්ෂට ගෞරවය පුද කර ඇති හිටපු ජනාධිපතිවරයා, මෑතකදී අභාවප්‍රාප්ත වූ සිය නෑනණ්ඩිය වන චන්ද්‍රා මාලිනී ද මෙහිදී සිහිපත් කර ඇත.
ගොවි අයිතිවාසිකම් සුරැකීම, ග්‍රාමීය දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සහ ඉඩම් අහිමි ගොවීන්ට රජයේ ඉඩම් ලබා දීම වෙනුවෙන් සිය පියාණන් කළ සේවය ද හිටපු ජනාධිපතිවරයා විශේෂයෙන් අගය කර ඇත.
මෙම ගුණ සමරු උත්සවය පසුගියදා කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වුණු අතර, ඊට ආගමික නායකයින්, චීන තානාපති වෙයි හුවාෂියැන්ග් ඇතුළු තානාපතිවරුන් සහ දේශපාලන නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ.
දෙමව්පියන් සහ වැඩිහිටියන් මිය ගිය පසු ඉතිරි වන්නේ මතකයන් සහ හිස්තැන් පමණක් බැවින්, ඔවුන් ජීවත්ව සිටියදී ආදරයෙන් රැකබලා ගන්නා ලෙස ද මහින්ද රාජපක්ෂ මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart