
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රිය අනතුරකින් පසු මොළය මියගිය බවට තහවුරු වූ 19 හැවිරිදි තරුණයකුගේ අවයව දන්දීමට ඔහුගේ දෙමව්පියන් කැමැත්ත පළ කිරීමත් සමඟ, රෝගීන් කිහිප දෙනකුටම නව ජීවිතයක් ලබා දීමට හැකි වී තිබේ.
වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ මෙම තරුණයා රිය අනතුරකට ලක්වීමෙන් අනතුරුව ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.
ඔහුගේ මොළය මියගොස් ඇති බවට වෛද්‍යවරුන් තහවුරු කිරීමෙන් පසුව, බද්ධ කිරීම සඳහා ඔහුගේ හදවත, වකුගඩු සහ අක්මාව දන්දීමට දෙමව්පියන් කැමැත්ත පළ කළ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් එම අවයව ලබා ගැනීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහාය ඇතිව ඒවා කොළඹ ජාතික රෝහල වෙත රැගෙන යනු ලැබීය.
එම තරුණයාගේ හදවත කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින 17 හැවිරිදි රෝගියකුට බද්ධ කිරීම සඳහා සූදානම් කෙරිණි.
මෙම අවස්ථාවේදී ශෝකයට පත් පියා සංවේදීව අදහස් දක්වමින් කියා සිටියේ, තම පුතා මියයමින් තවත් පිරිසකට ජීවත් වීමේ අවස්ථාව ලබා දුන් බවයි.
“ඔයා නිසා අද තවත් කිහිප දෙනෙක් ජීවත් වෙනවා. මගේ රත්තරන් පුතේ, ඔයා අපිව දාලා යන්න කලින් තවත් අයට ජීවිතය දුන්නා,” යැයි ඔහු පැවසීය.
“මගේ පුතා එයාගේ අම්මවයි, මාවයි, ලොකු අයියවයි, පුංචි නංගිවයි තනි කරලා ගියා. ඔයා නැතුව අපි හතර දෙනා මේ ගෙදර කොහොම ජීවත් වෙන්නද?” යනුවෙන් ඔහු වැඩිදුරටත් හැඟීම්බරව ප්‍රකාශ කළේය.
වෛද්‍ය කණ්ඩායම්, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ එම තරුණයාගේ පවුලේ සාමාජිකයින්ගේ මනා සහයෝගීතාවය හේතුවෙන් මෙම අවයව ලබා ගැනීමේ සහ ප්‍රවාහනය කිරීමේ කටයුතු සාර්ථකව සිදු කිරීමට හැකි විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart