
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2027 පෙබරවාරි මාසයේදී එංගලන්තයට එරෙහිව සිය රටේදී පැවැත්වෙන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියෙන් අනතුරුව හිටපු බංග්ලාදේශ ටෙස්ට් නායක මුෂ්ෆිකර් රහීම් අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේය.
39 හැවිරිදි වියේ පසුවන ඔහු සිය වසර 21ක විශිෂ්ට අන්තර්ජාතික ක්‍රිකට් දිවියට සමුදෙමින් සිය තීරණය පිළිබඳව ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත නිල වශයෙන් දැනුම් දී තිබේ.
2027 පෙබරවාරි මාසයේ ඩකා නුවරදී එංගලන්තයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගය මුෂ්ෆිකර්ගේ අවසන් අන්තර්ජාතික තරගය වනු ඇති බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තමීම් ඉක්බාල් තහවුරු කළේය.
“ඔහු පිටිය තුළ මෙන්ම පිටියෙන් පිටතදීත් බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් විශාල සේවයක් ඉටු කර තිබෙනවා. ඔහුගේ එම දායකත්වය දීර්ඝ කාලයක් පුරා මතකයේ රැඳෙනු ඇති” යනුවෙන් තමීම් පැවසීය.
ටෙස්ට් තරග 100ක් ක්‍රීඩාකළ පළමු බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයා වූ මුෂ්ෆිකර්, එම තරග රටාව තුළ ලකුණු 7,000 සීමාව පසුකළ පළමු ක්‍රීඩකයා ද වේ.
බංග්ලාදේශය වෙනුවෙන් මෙතෙක් වැඩිම ටෙස්ට් ලකුණු රැස්කළ ක්‍රීඩකයා ලෙස තවමත් පෙරමුණේ පසුවන ඔහු, එරටින් බිහි වූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස සැලකේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart