
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කුක් දූපත් හි අතරමංව සිටින ශ්‍රී ලාංකික කාන්තාවක ආරක්ෂිතව සහ ස්වේච්ඡාවෙන් යළි මෙරටට ගෙන්වා ගැනීම සඳහා මැදිහත් වී ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස ශ්‍රී ලංකා රජය නවසීලන්තයෙන් ඉල්ලීමක් කර තිබේ.
විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර ප්‍රකාශ කළේ, රුචිරා සෙව්වන්දි රණසිංහ නමැති එම කාන්තාව යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පහසුකම් සැලසීම සඳහා සිය පෞද්ගලික මැදිහත්වීම සහ විශේෂ මානුෂීය සලකා බැලීමක් ලබා දෙන ලෙස ඉල්ලමින් තමන් නවසීලන්තයේ ආගමන කටයුතු පිළිබඳ සහකාර අමාත්‍ය කැමරන් බෲවර් වෙත නිල වශයෙන් ලිපියක් යොමු කළ බවයි.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ වෙලින්ටන්හි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ආරම්භයේ සිටම මෙම කාරණය සම්බන්ධයෙන් සක්‍රීයව මැදිහත් වී කටයුතු කරමින් සිටින බවයි.
නවසීලන්තයේ ආගමන නීති සහ නියාමන රාමූන්ට පූර්ණ ගෞරවය දක්වමින්, අප දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වයේ නාමයෙන් ඵලදායී රාජ්‍ය තාන්ත්‍රික සබඳතා හරහා මේ සඳහා ප්‍රායෝගික මෙන්ම මානුෂීය විසඳුමකට එළඹිය හැකි වනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ඔහු පැවසීය.
විදේශගතව සිටින ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ සුබසාධනය සහ ගෞරවය ආරක්ෂා කිරීමට රජය නිරන්තරයෙන් කැපවී සිටින බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
ඇයව ආරක්ෂිතව යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පහසුකම් සැලසීම සඳහා සුදුසු රාජ්‍ය තාන්ත්‍රික සහ කොන්සියුලර් ක්‍රියාමාර්ග රජය විසින් අඛණ්ඩව අනුගමනය කරනු ඇති බව ද ඔහු සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart