
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගතවූ දශකය තුළ ශ්‍රී ලංකාවේ ආඝාත (Stroke) රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව කැලණිය විශ්වවිද්‍යාලයේ ස්නායුවේද අධ්‍යයන අංශයේ මහාචාර්ය උදය රණවක පවසයි.
පසුගිය වසර 10 තුළ රැස් කළ දත්ත විශ්ලේෂණය කිරීමේදී, මෙරට ආඝාත රෝගීන් වාර්තා වීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව තහවුරු වී ඇතැයි ද මහාචාර්යවරයා සඳහන් කළේය.
ජාතික ආඝාත සංගමය විසින් කොළඹදී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක් අමතමින් මහාචාර්ය රණවක මේ බව ප්‍රකාශ කළේය.
කලාපයේ අනෙකුත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ආඝාත රෝග ව්‍යාප්තිය ඉහළ මට්ටමක පවතින බව පෙන්වා දුන් ඔහු සමීක්ෂණයට ලක් කළ ප්‍රජාවන්හි සෑම පුද්ගලයින් 10 දෙනෙකුගෙන් එක් අයෙකු පමණ ආඝාත තත්ත්වයකට මුහුණ දී ඇති බවට පර්යේෂණ දත්ත මගින් පෙන්නුම් කරන බවද කියා සිටියේය.
මෙරට තුළ විශේෂිත ආඝාත ප්‍රතිකාර ඒකකවල හිඟයක් පවතින බව පෙන්වා දුන් මහාචාර්ය රණවක, දැනට දිවයින පුරා පවතින්නේ එවැනි ඒකක 10ක් පමණක් බවද අනාවරණය කළේය.
රෝගීන්ට නියමිත වේලාවට සහ නිසි පරිදි ප්‍රතිකාර ලබා දීම සහතික කිරීම සඳහා සෑම දිස්ත්‍රික්කයකම සහ ප්‍රධාන රෝහලකම අවම වශයෙන් එක් ආඝාත ප්‍රතිකාර ඒකකයක් බැගින් ස්ථාපිත කළ යුතු බවද මහාචාර්යවරයා පැවසීය.
විශේෂිත ඖෂධ ඇතුළුව, ආඝාතය සඳහා මූලික අවධියේදී ලබා දිය යුතු ප්‍රතිකාර සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සහ සම්පත් තවමත් රෝහල් කිහිපයකම නොමැති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
ආඝාත රෝගීන්ට වඩාත් ගුණාත්මක ප්‍රතිකාර ලබා දීම සඳහා මෙම පහසුකම් පුළුල් කිරීමේ සහ වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව මහාචාර්ය රණවක මෙහිදී අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart