November 27, 2026

ව්‍යාජ බැංකු වෙබ් අඩවියක් භාවිත කරමින් බැංකු ගනුදෙනුකරුවෙකුගෙන් රුපියල් මිලියනයක මුදලක් සොරකම් කළ බවට චෝදනා ලැබූ 25 හැවිරිදි දත්ත ඇතුළත් කිරීමේ ක්‍රියාකරුවකු (data entry operator) අත්අඩංගුවට ගෙන තිබේ.

පෞද්ගලික බැංකුවක වෙබ් අඩවියට සමාන වෙබ් අඩවියක් සකස් කර, ඒ හරහා අදාළ ගනුදෙනුකරුගේ බැංකු ගිණුමට පිවිසීමේ දත්ත (login details) සැකකරු විසින් ලබාගෙන ඇති බව පොලීසිය පවසයි.

ඉන් අනතුරුව වින්දිතයාගේ ගිණුමට ඇතුළු වී එම මුදල වෙනත් ගිණුමකට මාරුකර ඇත.

රාගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම සැකකරු වාරියපොළ පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.