
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ 1990 සුව සැරිය හදිසි ගිලන් රථ සේවාව සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින්, ඇමීලි සහ ඩැනියෙල් ලින්සි පදනමේ වාර්ෂික පුණ්‍යාධාර රාත්‍රී භෝජන සංග්‍රහය පසුගියදා ලන්ඩන් නුවරදී පැවැත්විණි.
2019 වසරේ ශ්‍රී ලංකාවට එල්ල වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ ඇමීලි සහ ඩැනියෙල් ලින්සි සිහිපත් කිරීම වෙනුවෙන් මෙම පදනම පිහිටුවා තිබේ.
උත්සවය අමතමින් පදනමේ නිර්මාතෘ ඩේවිඩ් ලින්සි ප්‍රකාශ කළේ, පදනමේ ප්‍රයත්නයන් හරහා දැනටමත් ගිලන් රථයක් මිලදී ගෙන ඇති අතර එය ශ්‍රී ලංකාවට භාර දීමේ කටයුතු සිදු කෙරෙමින් පවතින බවයි. ඊට අමතරව, යාපනය ප්‍රදේශය වෙනුවෙන්ම වෙන් කළ තවත් ගිලන් රථයක් ලබා දීම සඳහා මේ වන විට අරමුදල් රැස් කරමින් සිටින බව ද ඔහු සඳහන් කළේය.
තමන්ට මුහුණ දීමට සිදු වූ පෞද්ගලික ඛේදවාචකය, කරුණාවේ සහ සේවයේ උරුමයක් බවට පරිවර්තනය කිරීම පිළිබඳව එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් නිමල් සේනාධීර ලින්සි පවුල වෙත සිය ප්‍රශංසාව පළ කළේය.
පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් පවුල්වලට උපකාර කිරීම, ප්‍රාදේශීය ප්‍රජාවන් ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකාවේ හදිසි අනතුරු ප්‍රතිකාර පහසුකම් හා පුහුණුවීම් වැඩිදියුණු කිරීම සඳහා මෙම පදනම අඛණ්ඩව කටයුතු කරයි.
ලන්ඩන් නුවර පදිංචිව සිටි 15 හැවිරිදි ඇමීලි ලින්සි සහ ඇගේ සොහොයුරු 19 හැවිරිදි ඩැනියෙල් ලින්සි යන බ්‍රිතාන්‍ය යෞවනයන් දෙදෙනා, 2019 අප්‍රේල් 21 වැනි දින කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයට එල්ල වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූහ.
ඔවුන් දෙදෙනා ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් සිය පියා වන මැතිව් ලින්සි සමඟ ශ්‍රී ලංකාවේ නිවාඩුවක් ගත කරමින් සිටි අතර, එදින ඔවුන්ගේ නිවාඩුවේ අවසන් දිනය විය. ඔවුන්ගේ වැඩිමහල් සොහොයුරා වන ඩේවිඩ් ලින්සි ඒ වන විට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටියේය. පසුව ඔහු සිය සොහොයුරා සහ සොහොයුරිය සිහිපත් කිරීම සඳහා ශ්‍රී ලාංකික ප්‍රජාවට සහාය වීමටත්, මෙරට හදිසි වෛද්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමටත් මෙම පදනම පිහිටුවීය.
2019 දෙසැම්බර් මාසය වන විට ඩේවිඩ් විසින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් පවුම් 350,000ක මුදලක් රැස් කිරීමට සමත් වූ අතර, මෙරට රෝහල් නවයක් සඳහා රෝගීන් ප්‍රවාහනය කරන ට්‍රොලි ඇඳන් 100ක් පරිත්‍යාග කිරීමට ද එම පදනම කටයුතු කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart