November 24, 2026

වයඹ වනජීවී කලාපයට අයත් පිබිදුණුගම බීට්ටු බලප්‍රදේශයේ දඩුබැදිරුප්ප ප්‍රදේශයේදී හොඬය තුවාල වී සිටි වන අලියකුට වනජීවි නිලධාරීන් ප්‍රතිකාර සිදු කර තිබේ.

නිකවැරටිය පශු වෛද්‍ය ඒකකයේ පශුවෛද්‍ය නිලධාරිනී පුබුදු මධුවන්ති අදාසූරියගේ මූලිකත්වයෙන් වනජීවී නිලධාරීන් පිරිසක් එක්ව මෙම ප්‍රතිකාර කටයුතු සිදු කළ බව වාර්තා වේ.

මෙම වන අලියාගේ හොඬය කම්බි මද්දක් වැනි උගුලකට හසුවීම හේතුවෙන් තුවාල වී ඇතැයි පැවසෙයි.