
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙතෙක් ශ්‍රී ලංකාවේ ස්වාභාවික පරිසරයෙන් වාර්තා නොවූ ‘අතිඋඩියන්’ (Cryptocoryne) ශාක විශේෂයක පළමු ස්වාභාවික ගහනය කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට යගිරල රක්ෂිතය ආශ්‍රිතව සොයා ගැනීමට පර්යේෂකයන් පිරිසක් සමත් ව ඇතැයි දිනමිණ පුවත්පත වාර්තා කරයි.
Cryptocoryne srilankaensis යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙම ශාකය, Alismatales පෙළපතට සහ Araceae පවුලට අයත් ජලාශ්‍රිත ශාක විශේෂයකි. ලොව පුරා ‘අතිඋඩියන්’ විශේෂ 80කට ආසන්න සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති අතර, ශ්‍රී ලංකාවෙන් හමුවන විශේෂ 12ම මෙරටට පමණක් ආවේණික ශාක වීම විශේෂත්වයකි.
මෙම ශාක විශේෂය පිළිබඳ මූලික විද්‍යාත්මක හඳුන්වාදීම සිදුව ඇත්තේ 2010 වසරේදී මතුගම ප්‍රදේශයෙන් අනවසරයෙන් එකතු කර විදේශීය මින්මැඳුරු වෙළෙඳපොළ වෙත රැගෙන ගිය ශාක නිදර්ශක මගිනි. එම ශාක වාණිජමය වශයෙන් වගා කළ නිදර්ශක පරීක්ෂා කිරීමෙන් පසු, එය නව විශේෂයක් බවට හඳුනාගෙන 2024 වසරේදී පර්යේෂණ පත්‍රිකාවක් මගින් ලොවට හඳුන්වා දෙන ලදී. කෙසේ වුවද, එම ශාකය ස්වාභාවිකව වැඩෙන මුල් භූගෝලීය පරිසරය පිළිබඳ නිශ්චිත තොරතුරු එවකට අනාවරණය වී තිබුණේ නැත.
නාමකරණයට පමණක් සීමා වී තිබූ Cryptocoryne srilankaensis ශාකය යගිරල රක්ෂිත වනාන්තර සීමාවෙන් සොයා ගැනීමත් සමඟ, එහි ස්වාභාවික වාසභූමිය පළමු වරට තහවුරු විය.
අන්තර්ජාතික සොබාදහම් සංරක්ෂණ සංගමයේ නිර්ණායක අනුව මෙම විශේෂයේ සංරක්ෂණ තත්ත්වය තවදුරටත් තහවුරු කර ගැනීමට දත්ත රැස්කිරීම සහ නිරීක්ෂණ අවශ්‍ය වන බව පර්යේෂකයෝ පෙන්වා දෙති.
මෙම නව සොයා ගැනීම පදනම් කරගනිමින්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය දීප්ති යකන්දාවල සහ කුමුදු බී. විජේසූරිය, වයඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කපිල යකන්දාවල සහ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් විශ්වවිද්‍යාලයේ නීල්ස් යාකොබ්සන් එක්ව සකස් කළ පර්යේෂණ පත්‍රිකාව, 2026 නොවැම්බර් 20 වැනි දින https://phytotaxa.mapress.com අඩවියෙන් ප්‍රකාශයට පත් කර තිබේ
මෙරට සිදුවන පරිසර හායනය හේතුවෙන් ඇතැම් ශාක විශේෂ විද්‍යාත්මකව හඳුනා ගැනීමටත් පෙර වඳ වී යාමේ අවදානමක් පවතී. ඊට අමතරව, ජාන මංකොල්ලකරුවන් විසින් සිදුකරනු ලබන නීතිවිරෝධී ජාවාරම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ වටිනා ජානමය සම්පත් රටට අහිමි වීමේ අවදානමක් ද පවතින බව මෙම සොයා ගැනීමෙන් යළිත් අවධාරණය කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart