
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නවදිල්ලියේ පැවැත්වෙන G 20 සමුළුවට රුසියාව නියෝජනය කරමින් පැමිණෙන්නේ විදේශ ඇමැතිවරයා බව ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට දුරකථන ඇමතුමක් ලබා දී සඳහන් කර ඇති බව විදෙස් පුවත් සේවා සඳහන් කරයි.
පසුගිය සතියේ, ඔවුන් දෙදෙනා දකුණු අප්‍රිකාවේ BRICS සමුළුවට සහභාගී වූ නමුත්, යුක්රේනයේ සිදු වූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් අන්තර්ජාතික අපරාධ අධිකරණය (ICC) විසින් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිසා රුසියානු ජනාධිපතිවරයා සහභාගී වූයේ වීඩියෝ සබැඳියක් හරහා පමණි.
ICC චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන ක්‍රෙම්ලිනය පවසා ඇත්තේ පුටින් ඉන්දියාවේ පැවැත්වෙන G20 රැස්වීමට සහභාගී නොවන බවයි.
ඉන්දීය රජයේ ප්‍රකාශයකට අනුව, රුසියාවේ විදේශ ඇමැති සර්ජි ලැව්රොව් මෙම සමුළුව නියෝජනය කරන බව පුටින් මෝදිට සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart