
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටියදී විදේශ කුලී ගුවන් ගමන් (චාටර් ෆ්ලයිට්) මඟින් සිදුකළ සංචාර කිහිපයක් වෙනුවෙන් ශ්‍රීලන්කන් ගුවන් සේවයට ගෙවිය යුතු රුපියල් මිලියන 96.22ක (රුපියල් නවකෝටි දෙලක්ෂ විසි දහසක) හිඟ මුදලක් මෙතෙක් ගෙවා නැතැයි අනාවරණය වේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, මහාචාර්ය ජී.එල්. පීරිස්, සජින් වාස්, ෆීලික්ස් පෙරේරා ඇතුළු දේශපාලනඥයන් මෙන්ම ලලිත් වීරතුංග, ශිරන්ති රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ යන අයගෙන් සමන්විත කණ්ඩායම් කිහිපයක් 2014දී අවස්ථා කිහිපයකදී කළ විදෙස් සංචාරවලට මෙම මුදල් ගෙවීමට ඇති බව සඳහන්ය.
2014දී සිදු කළ මේ සංචාර පිළිබඳ සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස අය-වැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තුවේදී පෙරේදා (21) මෙම කරුණු හෙළි කළේය. 2014දී ශිරන්ති රාජපක්ෂ, ජී.එල්.පීරිස්, සජින් වාස් ගුණවර්ධන, ලලිත් වීරතුංග ඇතුළු 59 දෙනකු මාලදිවයින හා සීෂෙල්ස් රටවලට ගොස් තිබෙන අතර ශ්‍රීලංකන් එයාර් ලයින් සඳහා ජනාධිපති කාර්යාලයෙන් රුපියල් මිලියන 20.35ක් මේ වන විටත් ගෙවා නැති බවත් හෙතෙම කීවේය. 2014 ඔක්තෝබර් මාසයේදී ශිරන්ති රාජපක්ෂ, ජී.එල්.පීරිස්, සජින් වාස් ගුණවර්ධන, ෆීලික්ස් පෙරේරා ඇතුළු 70 දෙනකු ඉතාලි සංචාරයකට ගොස් තිබෙන අතර ඒ සඳහා රුපියල් මිලියන 43.47ක් මේ වන තෙක් ගෙවා නැතැයි ද ඇමැතිවරයා අවධාරණය කළේය.
එමෙන්ම 2014 නොවැම්බර් මාසයේදී නේපාලයට 43 දෙනකු සමඟ ගොස් රුපියල් මිලියන 28.8ක් සහ 2014දී මහින්ද රාජපක්ෂ, යෝජිත රාජපක්ෂ ඇතුළු 57 දෙනකු තිරුපති ගොස් රුපියල් මිලියන 3.6ක් මේ වන විටත් ගෙවීමට ඇතැයි ද ඇමැතිවරයා පැවසුවේය.
ශ්‍රී ලංකා එයාර් ලයින් පාඩු ලැබීමට මේ නොගෙවීම් ද හේතුවක් වී ඇතැයි ද ඇමැතිවරයා අවධාරණය කළේය.
හිටපු ජනාධිපතිවරු නඩත්තු කිරීමට 2024 වසරේදී වියදම් කළ රුපියල් මිලියන 110.51ක මුදල මේ වසර වන විට රුපියල් මිලියන 4.39ක් දක්වා අඩු කර ඇතැයි ද හෙතෙම ප්‍රකාශ කළේය.
එමෙන්ම 2024 වන විට චන්ද්‍රිකා කුමාරතුංගට වැයකළ රුපියල් ලක්ෂ 137ක නඩත්තු වියදම් ලක්ෂ 8 ක් දක්වාත් මහින්ද රාජපක්ෂ වෙනුවෙන් වැයකළ ලක්ෂ 617ක මුදල රුපියල් ලක්ෂ 8ක් දක්වාත් මේ සැප්තැම්බර් වන විට අඩුකර තිබෙන බව ද ඇමැතිවරයා කීවේය.
මෛත්‍රීපාල සිරිසේනට වැය කළ රුපියල් මිලියන 18.57 ක මුදල ද ලක්ෂ 8ක් දක්වාත් ගෝඨාභය රාජපක්ෂට වැයකළ මිලියන 11.02 ක මුදල් ලක්ෂ 8ක් දක්වාත් රනිල් වික්‍රමසිංහට වැය කළ රුපියල් මිලියන 2.52ක මුදල ලක්ෂ 8ක් දක්වාත් අඩුකර ඇතැයිද ඇමැතිවරයා කීවේය.
හේමා ප්‍රේමදාස වෙනුවෙන් 2024දී රුපියල් මිලියන 3.04ක් වැය කළ අතර මේ වන විට ඒ මුදල වැය නොකරන බවත් පැවසුවේය.
එහිදී ඇමැතිවරයා මෙසේ ද කීවේය.
‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ උරුම කරදීම සඳහා අපට ජනවරම ලැබී තිබෙනවා. වසර දෙකක් තුළදී අපි කැප වුණේ රට ස්ථාවර කිරීමට. එහිදී රට තුළ විනය හා කළමනාකාරීත්වය අපට වැදගත් වුණා. ජනාධිපතිවරයෙක් විදේශ සංචාරයන් සඳහා යොදා ගන්නා මුදල් ද මෙහිදී වැදගත්. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මාස 26 කදී අවස්ථා 33කදී 421ක් එක්ක රට සංචාර ගොස් තිබෙනවා. එංගලන්ත සංචාරයේ සිට එතුමාගේ විදෙස් සංචාර මිලියන 1010 යි.
අපේ ජනාධිපතිවරයා පසුගිය මාස 26දී සංචාර 8ක් සිදු කර තිබෙනවා. අදාළ අනියුක්ත හෝ සංචාර දීමනා එතුමා ගත්තේ නැහැ. ඊට රුපියල් මිලියන 31.17 යි වියදම් කර තිබෙන්නේ.
ජනාධිපතිවරයා හා තාවකාලික කාර්ය මණ්ඩලය සඳහා 2024 සැප්තැම්බර් 30 වන විට රුපියල් මිලියන 857ක මුදලක් වියදම් කර තිබෙනවා. 2025 සැප්තැම්බර් 30 වන විට ඒ මුදල අපි රුපියල් මිලියන 364 දක්වා අඩු කර තිබෙනවා.
මේ තාවකාලික කාර්ය මණ්ඩලය සඳහා වන ඒ වියදම මේ අවුරුද්දේ සැප්තැම්බර් 30 වන විට රුපියල් මිලියන 237ක් දක්වා මේ වසරේදී අඩු කර තිබෙනවා. පැවති දේශපාලන සංස්කෘතිය වෙනස් කරන බවට අපි ජනතාවට පොරොන්දු වුණා. ඒ අනුව ජනාධිපතිවරයාට තිබූ ඒ පහසුකම් අඩු කරලා මේ වියදම් අපි පාලනය කර තිබෙනවා. හිටපු ජනාධිපතිවරුන්ගේ පහසුකම් අඩු කරලා ජනතාව ඒ වියදම්වලින් මුදාගෙන තිබෙනවා.
2024දී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට රුපියල් මිලියන 13.69ක් වියදම් කර තිබෙනවා. දැන් මේ සැප්තැම්බර් 30 වන විට රුපියල් මිලියන දශම 88 යි. ලක්ෂ 137ක් වියදම් කළ තැනක ලක්ෂ 8ක් දක්වා අඩු කර තිබෙනවා.
මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් 2024දී රුපියල් මිලියන 61.66 ක් වියදම් කළා. අද වන විට වියදම් කරන්නේ රුපියල් මිලියන දශම 88 යි.
මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් 2024දී රුපියල් මිලියන 18.57 ක් වියදම් කර තිබෙනවා. අද වන විට එය රුපියල් මිලියන දශම 88 යි. ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහා 2024දී රුපියල් මිලියන 11.02 ක් වියදම් කළා. අද වන විට එය රුපියල් මිලියන දශම 88 යි. රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් 2024දී රුපියල් මිලියන 2.53 ක් වියදම් කළා. අද වියදම් කරන්නේ මිලියන දශම 88 යි.
2024දී හිටපු ජනාධිපතිවරුන් නඩත්තු කරන්න වියදම් කළ රුපියල් මිලියන 110.51ක මුදල පසුගිය වසර වන විට රුපියල් මිලියන 41.17 දක්වා අඩු කර තිබෙනවා.
ඊට පසුව අපි අද වන විට වියදම් කරන්නේ රුපියල් මිලියන 4.39යි. ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකයන් 2024දී අපි බාර ගන්නා විට 39ක් හිටියා. අද වන විට ඉන්නේ 6 යි. ජනාධිපති සම්බන්ධීකාරක ලේකම්වරු අපි බාර ගන්නා විට 23ක් හිටියා. අද ඉන්නේ 7 යි. ඒ කාලයේ ජනාධිපති කාර්යාලයේ විශේෂ ව්‍යාපෘති අංශයක් තිබුණා. සුගීෂ්වර බණ්ඩාර එහි අධ්යක්ෂවරයා ලෙස හිටියා. ජනාධිපතිවරයා හා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් පාලන මන්ත්‍රීවරුන්, පාක්ෂික මන්ත්‍රීවරුන්, පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති නායකයන් යනාදී පාක්ෂිකයන් සම්බන්ධීකරණය කිරීම ඔහුගේ කාර්යය වුණා. 135ක කාර්ය මණ්ඩලයක් ඔහුට ලබා දී තිබුණා. තාවකාලික පදනම යටතේ 87ක් ගෙන තිබුණා. එහි වියදම වැටුප් හා දීමනා සඳහා රුපියල් මිලියන 170ක්. ප්‍රවාහන දීමනා ඇතුළු දීමනා සඳහා රුපියල් මිලියන 204ක් පමණ වියදම් කර තිබෙනවා. සුගීෂ්වර මහතා තායිලන්තය, මැලේසියාව, ඉන්දියාව, චීනය, බහරේන් ඇතුළු රටවල් ගණනාවක සංචාරය කර තිබෙනවා.
ඒ විනය අපි දැන් පාලනය කර තිබෙනවා. ස්වාධීන කොමිෂන් සභා පත් කරමින් ඒවායේ සේවාවන් කාර්යක්ෂම කර තිබෙනවා. ආණ්ඩු පක්ෂය හා සභානායක කාර්යාලය තුළින් ජනතා සේවය ඉහළ මට්ටමින් සිදු කරනවා. කලින් ආණ්ඩුවලින් සභානායක කාර්යාලය සඳහා රුපියල් මිලියන 155ක පමණ ප්‍රතිපාදන වෙන් කළ එක රුපියල් මිලියන 90ක් දක්වා අඩු කර තිබෙනවා. ඒකෙනුත් අපි ගිය වසරේ භාවිත කර තිබෙන්නේ රුපියල් මිලියන 73.7 යි. සභානායකවරයාට වගේ සමානව විපක්ෂ නායකවරයාට සලකන්න ඕන කියලා සජිත් මහතා කීවා. සභානායක කාර්යාලයෙයි ආණ්ඩු පක්ෂ කාර්යාලයෙයි වියදම්වලට වඩා දෙගුණයක මුදලක් විපක්ෂ නායක කාර්යාලයට අපි ලබා දී තිබෙනවා.
විපක්ෂ නායක කාර්යාලයට 2025දී රුපියල් මිලියන 331ක් වියදමට වෙන් කර තිබෙනවා. 2026දී රුපියල් මිලියන 337 යි. ලබන වසරට රුපියල් මිලියන 361ක්ම තිබෙනවා. ලබන වසරට සභානායක කාර්යාලයට තිබෙන්නේ මිලියන 88යි. ආණ්ඩු පක්ෂ සංවිධාන කාර්යාලයට මිලියන 89යි. දෙකම එකතු වුණාම රුපියල් මිලියන 177යි. ඒවාට මොකුත් සද්ද නැහැ. ඉන්නෙත් 35යිලු. ඒ මුදල්වලට කරන්නේ මොකද්ද කියලා හොයලා බලන්න ඕන. පාර්ලිමේන්තුවේ ගුණාත්මකභාවය ඉහළ මට්ටමක පවත්වාගන්න අපි කටයුතු කරනවා. ඉල්ලීම් ලැබී තිබෙනවා. ඒවා සාකච්ඡා කරනවා. වේගවත් සංවර්ධනයක් ජන ජීවිතයට අත්පත් කරදෙන්න අපි කටයුතු කරනවා.”
(උපුටාගැනීම – දිනමිණ පුවත්පත)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart