November 22, 2026

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඊයේ රාත්‍රියේ සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

කෙසේවෙතත්, මෙම සිදුවීම නාරාහේන්පිට කාර්යාලයේ සාමාන්‍ය කටයුතුවලට කිසිදු බලපෑමක් සිදුකර නොමැති බව දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව, නාරාහේන්පිට කාර්යාලයේ සේවාවන් හෙට (සඳුදා) දිනයේත් සුපුරුදු පරිදි ක්‍රියාත්මක වන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.