
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බොරැල්ල කනත්ත වටරවුම අසල පිහිටි පෞද්ගලික අවමංග්‍යශාලාවක් ආසන්නයේ සිදු වූ බව කියන බහින්බස් වීමකට සහ පහරදීමකට අදාළව සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
පදිකමාරු සංඥා ලාම්පුව රතු පැහැයෙන් දැල්වෙමින් තිබියදී පදිකයන් දෙදෙනකු පදික මාරුව හරහා පාර මාරු වීමට යාමේදී මෙම සිදුවීම හටගෙන ඇති බව වාර්තා වේ.
රාජගිරිය දෙස සිට කනත්ත වටරවුම දෙසට ධාවනය වූ සුඛෝපභෝගී ජීප් රථයක් පදික මාරුව අසල නතර කර ඇති අතර, එහි රියදුරු විසින් රථයේ නළාව නාද කිරීමත් සමඟ ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බව පැවසේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාලඹේ ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින් පසුව බොරැල්ල පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
මෙම සිද්ධියට අදාළව පැමිණිලිකරු විසින් කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් නිර්මාණය කරන ලද ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාහැර ඇති බවට ද තොරතුරු ලැබී ඇති බව පොලිසිය සඳහන් කළේය.
පැමිණිලිකරුගෙන් සහ ඔහුගේ බිරිඳගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, 37 හැවිරිදි සැකකරු නොවැම්බර් 21 වැනි දින අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සැකකරු කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කර ඇති අතර, එහිදී ඔහු ගංජා භාවිතයට ඇබ්බැහි වූවකු බවට අනාවරණය වී ඇති බව පොලිස් නිවේදනයේ දැක්වේ.
සැකකරු පැදවූ බව කියන ජීප් රථය ද පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකරු අද (22) අලුත්කඩේ අංක 02 කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
බොරැල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart