
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මන්නාරම තෙල් නිධි සෙවීමේ පෞද්ගලික අංශ ව්‍යාපෘතියේ සේවය කළ විදේශීය ඉංජිනේරුවන් හෙලිකොප්ටර් මඟින් ප්‍රවාහනය කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියමුවන් යෙදවීම සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට විමර්ශකයන්ට හැකි වී තිබේ.
මීට අදාළ ප්‍රකාශ රැසක්ද ගෙන ඇති අතර, ඒ මඟින් ගුවන් හමුදාවේ සම්පත් අවභාවිත කිරීම සම්බන්ධ තොරතුරු රැසක්ද අනාවරණය වී ඇත.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සම්බන්ධීකාරක හා විදේශ අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ සජින් වාස් ගුණවර්ධන මේ සඳහා මැදිහත් වී ඇති අතර, ඔහු කොළඹ මහාධිකරණය හමුවේ මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක්ද කර තිබේ.
විදේශීය සමාගමක් හා එක්ව තමන්ට අයත් පෞද්ගලික සමාගමක් මේ කැණීම් ව්‍යාපෘතිය පවත්වාගෙන ගිය බව සජින් වාස් ගුණවර්ධන මහාධිකරණ විනිසුරු බුද්ධික ශ්‍රී රාගල ඉදිරියේ සාක්ෂි දෙමින් වැඩිදුරටත් සඳහන් කළේය. එකී ව්‍යාපෘතියේ නිරත ඉංජිනේරුවන් ගොඩබිම සිට මුහුදේ පිහිටි කැණීම් ස්ථානය වෙත රැගෙන යෑමට මෙන්ම, නැවත ගොඩබිමට ප්‍රවාහනය කිරීමට මෙලෙස ගුවන් හමුදා නියමුවන් යොදවා තිබූ බව හිටපු මන්ත්‍රීවරයා අධිකරණයේදී පවසා සිටියේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ සමයේ වසර තුනක් තුළදී උපයාගත් ආකාරය හෙළිදරව් කළ නොහැකි රුපියල් කෝටි 34කට අධික මුදලක් සමාගම් ගිණුම්වල තැන්පත් කරමින් මුදල් විශුද්ධිකරණයේ යෙදීම ඇතුළු චෝදනා යටතේ හිටපු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකරනු ලැබ ඇති නඩුවේදී ඔහු මේ බව පැවසීය.
1992 වසරේ සිට වසර 8කට ආසන්න කාලයක් තමා රනිල් වික්‍රමසිංහගේ කාර්යමණ්ඩලයේ සේවය කළ බවත්, ඉන් පසු 2001 වසරේ සිට වසර 15ක් පමණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සම්බන්ධීකාරකවරයා ලෙස සේවය කළ බවත් සජින් වාස් මෙහිදී කියා සිටියේය. වාණිජමය කැණීම් කටයුතු සඳහා වූ රක්ෂණ කොන්දේසි හේතුවෙන් ගුවන් හමුදා හෙලිකොප්ටර් භාවිත කිරීමට නොහැකි බවත්, ඒ නිසා පෞද්ගලික හෙලිකොප්ටරයක් ගෙන විශේෂ අවසරයක් යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියමුවන් ප්‍රවාහන කටයුතු සඳහා යොදවා ගත් බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
(උපුටාගැනීම – සිළුමිණ පුවත්පත)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart