
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2025 වසරේ ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටුව අතරතුර කලාඔය ප්‍රදේශයේදී මගී බස් රථයක් තුළ සිරවී සිටි සිවිල් වැසියන් 69 දෙනෙකුගේ ජීවිත බේරා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකුට පොදුරාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක සේවා පදක්කම් සහ ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක වීර පදක්කම් පිරිනමා තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාවට අනුව, සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වය මත අදාළ බස් රථය සැඩ පහරට කොටුවී මගීන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව තිබූ අවස්ථාවක මෙම බේරා ගැනීමේ මෙහෙයුම දියත් කර ඇත.
නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළඝණයට අනුයුක්තව සේවය කරන ප්‍රධාන සුළු නිලධාරී එස්.ඒ.ඊ.එල්. සෙනෙවිරත්න, නායක නැවි බී.කේ.ඒ. ප්‍රසාද් සහ බල නැවි එස්.ටී.ඩී. අබේරත්න යන නාවික විරුවන් තිදෙනා මෙලෙස සම්මානයට පාත්‍ර වී තිබේ.
ඊට අදාළ පදක්කම් සහ සහතිකපත් පිරිනැමීම කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයාගේ නිල නිවසේ පැවති උත්සවයකදී සිදු කෙරිණි.
මෙම නාවිකයන්ගේ ජීවිතාරක්ෂක කැපවීම ඇගයීම සඳහා රාජකීය පොදුරාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක සංගමය සහ ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය එක්ව මෙම උත්සවය සංවිධානය කර තිබුණි.
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්රික් සහ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් මැතිව් ඩක්වර්ත්ගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්වුණු අතර එම සම්මාන පිරිනැමීම ද ඔවුන් අතින් සිදු විය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් රුවන් රූපසේන, නාවික හමුදා අධ්යක්ෂ ජනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් චමින්ද කරුණාසේන, ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමයේ සභාපති අතුල සේනාරත්න සහ ප්‍රධාන විධායක නිලධාරී අසංක නානායක්කාර ද එක්ව සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart