
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සම්බන්ධ ආන්දෝලනාත්මක ක්‍රිෂ් ගනුදෙනුව පිළිබඳ විමර්ශනවල ප්‍රගති වාර්තාවක් දෙසැම්බර් 01 වැනිදා වන විට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (20) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නියෝග කළේය.
නාමල් රාජපක්ෂ තවදුරටත් බන්ධනාගාර භාරයේ පසුවන්නේ නම්, මීළඟ නඩු දිනයේදී ඔහුව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළේය.
පසුගිය නඩු දිනයේදී මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නාමල් රාජපක්ෂ ඇප මත මුදාහැරීමට නියෝග කර තිබුණද, එම ඇප නියෝගය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් කොළඹ මහාධිකරණය විසින් ඉකුත් නොවැම්බර් 18 වැනිදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලදී.
මේ අතර, මෙම නඩුවේ තවත් සැකකාරියක වන ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන දෙසැම්බර් 01 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා කොළඹ කොටුවේ ට්‍රාන්ස්වර්ක්ස් චතුරශ්‍රයේ පිහිටි ඉඩමක් ක්‍රිෂ් සමාගමට පැවරීමට අදාළව නාමල් රාජපක්ෂ රුපියල් මිලියන 100ක අල්ලසක් ලබා ගත් බවට එල්ල වී ඇති චෝදනාවකට අදාළව මෙම නඩුව පවරා තිබේ.
අදාළ ඉඩම එම සමාගමට පවරාදීමට පහසුකම් සැලසීම වෙනුවෙන් මෙම මුදල ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වී ඇත.
මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නාමල් රාජපක්ෂ සහ ජානකී සිරිවර්ධන යන අයට එරෙහිව මෙම නඩුව පවරා ඇති අතර, නඩුව දෙසැම්බර් 01 වැනිදා යළි කැඳවීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart