November 20, 2026

දූෂණ චෝදනාවකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකගේ ඇප ඉල්ලීම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (20) ප්‍රතික්ෂේප කළේය.

ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.

පෞද්ගලික සමාගම් තුනකට පොස්පේට් අපනයනය කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 8.1ක අල්ලසක් ලබාගත් බවට එල්ල වී ඇති චෝදනාවකට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අද අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි.