
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මුහුදු මාර්ගය ඔස්සේ ශ්‍රී ලංකාවට ජාවාරම් කිරීමට තැත් කළ බවට සැකකෙරෙන හෙරොයින් කිලෝග්‍රෑම් 71.24ක තොගයක් ඉන්දියාවේ චෙන්නායි නුවරදී අත්අඩංගුවට ගැනීමට ඉන්දීය ආදායම් බුද්ධි අධ්යක්ෂ මණ්ඩලය සමත්ව තිබේ. මෙම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර, 2026 වසර තුළ ඉන්දියාවේදී තනි මෙහෙයුමකින් සොයාගත් විශාලතම හෙරොයින් තොගවලින් එකක් ලෙස මෙය වාර්තා වේ.
චෙන්නායි සිට ශ්‍රී ලංකාවට මහා පරිමාණයෙන් හෙරොයින් ප්‍රවාහනය කිරීමට සූදානම් වන බවට ලැබුණු විශේෂ බුද්ධි තොරතුරකට අනුව, පසුගිය නොවැම්බර් 17 සහ 18 යන දෙදින තුළ මෙම වැටලීම සිදු කර ඇත.
ලැබුණු තොරතුරු මත ක්‍රියාත්මක වූ ආදායම් බුද්ධි අධ්යක්ෂ මණ්ඩලය නිලධාරීන් සැකකටයුතු වාහනයක් පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවී ඇති අතර, පසුව එම වාහනය සහ ඊට ආරක්ෂාව සපයමින් ගමන් කළ යතුරුපැදියක් ද සමඟින් එය අතරමගදී නතර කර පරීක්ෂාවට ලක් කර තිබේ. එහිදී සිදුකළ සෝදිසියේදී සුදු පැහැයට හුරු කුඩු විශේෂයක් අඩංගු පාර්සල් 69ක් සොයාගෙන ඇති අතර එහි දළ බර කිලෝග්‍රෑම් 71.24ක් බව අනාවරණය වී ඇත.
ජාවාරම සඳහා යොදාගත් බව කියන වාහන දෙක ද නිලධාරීන් භාරයට ගෙන තිබේ.
මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ චෙන්නායි නුවර හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස භාවිත කරමින්, තිරුචිරාපල්ලි හරහා වෙරළබඩ මාර්ගය ඔස්සේ මෙම මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකාවට රැගෙන ඒමට සැලසුම් කර තිබූ බවයි.
අදාළ පනත යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
මෙම වැටලීම සිදුකර ඇත්තේ පසුගිය ඔක්තෝබර් මාසයේදී නාගපට්ටිනම් අසල වෙරළබඩ ගම්මානයක තිබී මෙතම්ෆෙටමින් (අයිස්) කිලෝග්‍රෑම් 137ක් ආදායම් බුද්ධි අධ්යක්ෂ මණ්ඩලය විසින් සොයාගෙන සති කිහිපයකට පසුව වීම විශේෂත්වයකි. එම මත්ද්‍රව්‍ය තොගය ද ශ්‍රී ලංකාවට ජාවාරම් කිරීම සඳහා සූදානම් කර තිබූ බවට සැක කෙරිණි.
අසල්වැසි ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ මාර්ගයක් ලෙස ඉන්දීය වෙරළ තීරය භාවිත කිරීමට ජාවාරම්කරුවන් දිගින් දිගටම උත්සාහ දරන බව මෙම වැටලීම් දෙකෙන්ම පැහැදිලි වන අතර, ඒ හේතුවෙන් බුද්ධි තොරතුරු මත පදනම් වූ මෙහෙයුම් තවදුරටත් දැඩි කිරීමට ඉන්දීය නීතිය ක්‍රියාත්මක කරන ආයතන පියවර ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart