November 19, 2026

කොළඹ ධර්මපාල මාවතේ පිහිටි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ දේපළවලට මිටියකින් පහරදී නිලධාරින්ට මරණ තර්ජනය කළ බව කියන 55 හැවිරිදි භික්ෂූන් වහන්සේ නමක් කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වීදුරු දොරකට සහ පරිගණක දෙකකට සිදු වූ හානිය සම්බන්ධයෙන් සිදු කළ මෙම අත්අඩංගුවට ගැනීමේදී, අගලවත්ත ආරණ්‍ය සේනාසනයක වැඩ වාසය කරන උන්වහන්සේ මානසික ආබාධයකින් පෙළෙන බවට පොලිස් විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත.