
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව පවරා ඇති ‘ක්‍රිෂ්’ ගනුදෙනුවට අදාළ නඩුවේ සාක්ෂිකරුවන් දෙදෙනකුට නිකුත් කළ සිතාසි නිසි පරිදි භාර දී ඇත්දැයි යන්න පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.
කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවදුරුගොඩ හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී, නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත පෙරේරා කළ ඉල්ලීමක් සලකා බලමින් විනිසුරුවරිය මෙම නියෝගය නිකුත් කළාය.
මෙම නඩුවේ පළමු සහ දෙවැනි පැමිණිල්ලේ සාක්ෂිකරුවන් දෙදෙනා දැනට විදේශගතව සිටින බවත්, විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ඔවුන් වෙත සිතාසි යොමු කර ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයට දැනුම් දී තිබේ. කෙසේ වෙතත්, අදාළ සිතාසි ඔවුන් වෙත නිසි ලෙස ලැබී ඇත්ද යන්න පිළිබඳව මෙතෙක් තහවුරු කිරීමක් ලැබී නොමැති බව ඇය පෙන්වා දී ඇත.
ඒ අනුව, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් විමසා අදාළ සාක්ෂිකරුවන් දෙදෙනාට සිතාසි ලැබී ඇත්දැයි තහවුරු කර ඒ පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහාධිකරණ විනිසුරුවරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කර තිබේ.
ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දීය සමාගමක් වන ‘ක්‍රිෂ්’ සමාගම වෙතින් ලබාගත් රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාධී ලෙස පරිහරණය කිරීමේ චෝදනාව යටතේ නීතිපතිවරයා විසින් නාමල් රාජපක්ෂට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.
අද දිනයේදී බන්ධනාගාර නිලධාරීන් විසින් නාමල් රාජපක්ෂ අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබීය.
නඩුව ලබන ජනවාරි 18 වැනි දින යළි කැඳවීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරිය, එදිනට නාමල් රාජපක්ෂ රිමාන්ඩ් භාරයේ පසුවන්නේ නම් ඔහුව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට වැඩිදුරටත් නියෝග කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart