
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බෙංගාල බොක්කේ පවතින අඩු පීඩන කලාපය හෙට වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතී.
ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය මඩකලපුවට කිලෝමීටර 650ක් පමණ නැගෙනහිරින් පිහිටා ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙම පද්ධතිය වයඹ දෙසට, එනම් දිවයිනේ නැගෙනහිර වෙරළ තීරයෙන් ඉවතට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන අතර, හෙට (15) වන විට එය පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වීමට බොහෝදුරට ඉඩ තිබේ.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් හෙට දිනයේදී දිවයින පුරා අහස වලාකුළින් බරව පවතිනු ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.
උතුරු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇති වීමේ හැකියාවක් පවතී.
ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැක.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart