
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2021 වසරේ ශ්‍රී ලංකා මිනිස් ජාවාරම් සිද්ධියකට සම්බන්ධ අධිකරණය මගහරිමින් සිටි පුදුමඩම් ඉම්රාන් නැමැති සැකකරුවකු ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමෙන් අනතුරුව ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය (NIA) විසින් සිකුරාදා (13) අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සියේ ඉල්ලීමක් මත නිකුත් කර තිබූ අන්තර්ජාතික පොලිස් (INTERPOL) රතු නිවේදනයකට අනුව ශ්‍රී ලංකා බලධාරීන් විසින් මොහු රඳවාගෙන සිට ඇති අතර, ඉන්දියාවට පිටුවහල් කිරීමෙන් පසු බැංගලෝර් අන්තර්ජාතික ගුවන්තොටුපළේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
වලංගු ලියකියවිලි සහිතව කැනඩාවට යවන බවට ව්‍යාජ පොරොන්දු ලබාදෙමින් ශ්‍රී ලාංකිකයන් පිරිසක් මිනිස් ජාවාරමට ලක්කිරීමේ කුමන්ත්‍රණයකට සැකකරු සක්‍රීයව දායක වී තිබේ.
ඔහු එම පුද්ගලයන්ගේ පවුලේ සාමාජිකයන්ගෙන් හෝ ඥාතීන්ගෙන් මුදල් එකතු කර, වින්දිතයන් ප්‍රවාහනය කිරීම සහ රඳවා තබාගැනීම සඳහා ‘හවාලා’ නීතිවිරෝධී මුදල් හුවමාරු ක්‍රම ඔස්සේ ඉන්දියාවේ සිටින සෙසු සැකකරුවන් වෙත එම මුදල් යොමුකර ඇති බවට චෝදනා එල්ල වී ඇත.
වලංගු ලියකියවිලි නොමැතිව ඉන්දියාවේ රැඳීසිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් පිළිබඳව ලැබුණු විශ්වාසදායක තොරතුරකට අනුව මැංගලෝර් ප්‍රදේශයේ ස්ථාන කිහිපයක් ප්‍රාදේශීය පොලිසිය විසින් වටලනු ලැබීමත් සමඟ මෙම සිද්ධිය අනාවරණය වී තිබේ.
ඒ අනුව ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහය, විදේශිකයන් පිළිබඳ පනත සහ විදේශ ගමන් බලපත්‍ර පනතේ විවිධ වගන්ති යටතේ මුලින් නඩුවක් ගොනුකර ඇති අතර, පසුව 2021 ජූලි 13 වැනි දින ජාතික විමර්ශන ඒජන්සිය විසින් එහි විමර්ශන කටයුතු භාරගෙන නැවත නඩුව ගොනුකර ඇත.
ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 120B, 370 සහ 420 වගන්ති, විදේශිකයන් පිළිබඳ පනතේ 14 වැනි වගන්තිය සහ විදේශ ගමන් බලපත්‍ර පනතේ 12(1A) වගන්තිය යටතේ මෙම නඩුව ගොනුකර තිබේ.
ශ්‍රී ලංකා බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පිටුවහල් කරන තෙක් ඉම්රාන් සැඟවී සිටි බවත්, ඔහු අත්අඩංගුවට ගැනීම මෙම මිනිස් ජාවාරම් ජාලය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවල නවතම පියවරක් බවත් ඉන්දීය මධ්‍යම විමර්ශන ඒජන්සිය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart