
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2018 වසරේදී දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති ටෙස්ට් තරගයකදී ක්‍රිකට් පන්දුව පළුදු කිරීමේ (Ball-tampering) සිද්ධියට තමන් සම්බන්ධ බවට එල්ල වන චෝදනා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායක පැට් කමින්ස් දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබේ.
හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක උස්මාන් කවාජා සිය නවතම ස්වයං චරිතාපදානය හරහා සිදුකර ඇති ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සමඟ මෙම සිදුවීම පිළිබඳව යළිත් කතාබහක් මතුව ඇත.
2018 වසරේ දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නුවර පැවති තුන්වැනි ටෙස්ට් තරගයේදී වැලි කඩදාසියක් යොදාගෙන පන්දුව පළුදුකිරීමේ සැලැස්ම පිළිබඳව එවකට ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කළ සියලුම ක්‍රීඩකයන් දැනසිටි බව කවාජා සිය කෘතිය මගින් චෝදනා කර තිබේ. එම සැලැස්ම සඳහා වත්මන් නායක පැට් කමින්ස් ඇතුළු තවත් ක්‍රීඩකයන් පිරිසක් සෘජුවම සම්බන්ධ වූ බවට ද ඔහු එහිදී චෝදනා එල්ල කර ඇති බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
කෙසේවෙතත්, ඊයේ (13) සිඩ්නි නුවර පැවති ජනමාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පැට් කමින්ස් මෙම සියලු චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළේය. තමන් හෝ කණ්ඩායමේ අනෙකුත් පන්දුයවන්නන් එවැනි සැලැස්මක් පිළිබඳව දැනසිටි බවට කරන ප්‍රකාශ මුළුමනින්ම අසත්‍ය බව කමින්ස් එහිදී අවධාරණය කර සිටියේය. ගත වූ වසර අටක කාලය පුරාම තමන් මෙම ස්ථාවරයේම සිටි බවත්, කවාජාගේ ප්‍රකාශ කිසිදු පදනමක් නොමැති චෝදනා පමණක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර, පන්දුව පළුදුකිරීම සඳහා වැලි කඩදාසිය භාවිත කිරීමේදී ප්‍රවේශම් වන ලෙස තමන් එවකට ක්‍රීඩක කැමරන් බැන්ක්‍රොෆ්ට්ට උපදෙස් දුන් බව උස්මාන් කවාජා සිය කෘතියෙන් අනාවරණය කර තිබීම පිළිබඳව ද පැට් කමින්ස් සිය විමතිය පළකර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart