November 9, 2026

යෝජිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතින් සුරාබදු වැරදි ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ විනිසුරු අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ යෝජිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ ව්‍යුවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබූ විශේෂ නිර්ණායක පෙත්සම් විභාගය ආරම්භ වූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මෙම කරුණු ඉදිරිපත් කළේය.